AI භාවිතා කොට WhatsApp Stickers සෑදීමේ හැකියාව නුදුරේදීම

Meta සමාගම විසින් WhatsApp වෙත කෘතිම බුද්ධිය භාවිතා කරමින් හඳුන්වා දෙන පළමු පහසුකම ලෙස Stickers නිර්මාණය කිරීමේ පහසුකමක් Beta පරිශීලකයන් සඳහා නිකුත් කොට තිබෙනවා.

AI භාවිතා කොට WhatsApp Stickers සෑදීමේ හැකියාව නුදුරේදීම

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


වර්තමානයේ බොහෝ දෙනා කතාවන මාතෘකාවක් වන Artificial Intelligence එහෙමත් නැත්නම් කෘතිම බුද්ධිය මේ වන විට බොහෝ Apps සහ සේවාවන් වෙත යොදාගෙන තිබෙනවා. ඒ අයුරින් WhatsApp වෙතද මෙසේ කෘතිම බුද්ධිය භාවිතා කරමින් පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. එනම් කෘතිම බුද්ධිය භාවිතා කරමින් Stickers නිර්මාණය කිරීමේ පහසුකමයි.

Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැකිය හැකි පරිදි Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button එකක් දිස්වනවා. එය Click කළ විට ලැබෙන Popup Window එකෙහි ඔබට සෑදීමට අවශ්‍ය Sticker එකෙහි Prompt එකක් ඇතුළත් කළ විට එමඟින් Sticker එකක් හෝ Pack එකක් Generate කර ගත හැකිවනවා.

මෙමඟින් පරිශීලකයන්ට Sticker නිර්මාණය කර ගැනීම සඳහා තෙවන පාර්ශවීය Apps යොදාගැනීම තරමක් දුරට පාලනය වනවා. කෙසේනමුත් තවමත් මේ හරහා අපට අවශ්‍ය Image එකක් හෝ Gif එකක් ඇතුළත් කොට Sticker නිර්මාණය කළ නොහැකි වනවා.


මේ පහසුකම තවමත් භාවිතා කළ හැක්කේ තෝරාගත් Android Beta පරිශීලකයන් පිරිසක් සඳහා වන අතර නුදුරේදීම සියලු Android සහ iOS පරිශීලකයන් සඳහා බලාපොරොත්තු විය හැකිවනවා.

Source: wabetainfo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara