නව ඇමතුම් සහ ඇමතුම් අවසානයේදී play වීමට නව නාදයන් WhatsApp beta 2.20.100.22 update එක හරහා iOS පරිශීලකයන්ට ලබාදේ

නව ඇමතුම් සහ ඇමතුම් අවසානයේදී play වීමට නව නාදයන් WhatsApp beta 2.20.100.22 update එක හරහා iOS පරිශීලකයන්ට ලබාදේ

iOS usersලා සදහා WhatsApp New beta version එකක් 2.20.100.22 නමින් නිකුත් කර ඇත. මෙහිදී සැලකිය යුතු ප්‍රමාණයකට features ලබා දී නොතිබුනත් ඔබ ඇමතුමක් අවසානයේ සහ group call එකක් සඳහා නාද වීමට නව නාදයන් ලබා දී ඇත. එමෙන්ම ඔබ ඇමතුමක් හා සම්බන්ධ වී ඇති විටක වුණත් මගහැරුණු group call සදහා සම්බන්ද වීමට පහසුකම් සලසා දී තිබෙනවා.

WABetaInfo වාර්තාවට අනුව image, video, GIF, Media, Link, Docs සදහා Loading Speed Improvement එකක් වෙලා තියෙන අතර එයට හේතුව ලෙස WhatsAppහි කේතයන් iOs 13.6 SDK භාවිතා කර කේතයන් කිරීම හා compile කිරීම බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

මීට අමතරව ඔවුන් විසින් කල් ඉකුත් වන පණිවුඩ සඳහා සහය දැක්වීමට අදාල කේතන සිදු කරමින් සිට්න බව සඳහන් වෙනවා. කල් ඉකුත් වීමේ පණිවිඩ පහසුකම ලබාදීමට ක්‍රියාත්මක වන බව පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මස ප්‍රකාශ කරත් මේ වන තුරුත් එය ලබා දීමට ඔවුන් ක්‍රියා කර නැත. එම පහසුකම භාවිතා කර යවන පණිවුඩ දවස් 7කට පසුව ස්වය්ංක්‍රීයවම delete වන අතර මෙය ලබාදෙන දිනයක් තවමත් පැහැදිලිව ප්‍රකාශ කර නැත.

මෙම Beta update එක හරහා ලබා දී ඇති නව නාදයන් ඔබට පහතින් ඇසිය හැක.

Group call සඳහා ලබා දී ඇති නව නාදය

ඇමතුමක් අවසානයේ ඇසෙන නාදය

Source: WABetaInfo

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna