උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව අත්හදා බලයි

උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ හැකියාව අත්හදා බලයි

මෑතකදී WhatsApp සඳහා විවිධ එකතු කිරීම් සිදු කෙරිණි. ඒ අතර, Stories, Dark Mode, QR Code ආදිය පෙන්වා දිය හැක. නමුත්, Telegram ආදී සේවාවන්හි දක්නට ලැබෙන උපාංග කිහිපයකින් log වීමේ හැකියාව තවමත් WhatsApp සඳහා හඳුන්වාදී නොමැත.

WABetaInfo අඩවියේ,  "Linked Devices" නම් එකතු කිරීමක් WhatsApp වෙත එක් කර ඇති screenshots ප්‍රසිද්ධ කර ඇත. එය WhatsApp Web පහසුකම වෙනුවට භාවිතා කරනා නව තාක්ෂණයයි. මෙම screenshots ලබාගෙන ඇත්තේ WhatsApp හි pre-release build එකක් නොහොත් මහජනයා වෙත නිදහස් කිරීමට පළමුව, පරීක්ෂා කිරීමේ සංස්කරණයක් ආශ්‍රයෙනි.

මෙම Screenshots වල දැක්වෙන Facebook Portal යනු කුමක් දැයි අවිනිශ්චිත නමුත්, නව පහසුකම යටතේ දී වුවත් ඔබගේ පරිගණකයෙන් හෝ වෙනත් උපාංගයකින් WhatsApp වෙත පිවිසීමේ දී, දැනට භාවිතා වන WhatsApp Web හි ආකාරයට ඔබගේ දුරකථනය වෙත අන්තර්ජාල සැපයුමක් ලබා දීම අවශ්‍ය වනු ඇත.

එමෙන්ම, WABetaInfo හි දැක්වෙන්නේ මෙලෙස වෙනත් උපාංග වලින් WhatsApp වෙත පිවිසීමේ දී verification code ක්‍රමයක් අනුගමනය කරනු ඇති බවයි.

මෙලෙස උපාංග කීපයකින් එකවර WhatsApp වෙත පිවිසීමේ හැකියාව ලබාදීමට යන බව ආරංචි වූ මුල් අවස්ථාව මෙය නොවේ. 2019 වසරේ නොවැම්බර් මාසයේදීත්, මෙම වසරේ මාර්තු මාසයේත් මෙවැනි ආරංචි මාර්ග පැමිණුනි. එයින් පෙනී යන්නේ WhatsApp සඳහා මෙම පහසුකම ලබා දීමේ කටයුතු බොහෝ කලක සිට ක්‍රියාත්මක බවයි.

ඒ කෙසේ නමුත්, මෙම පහසුකම Telegram වැනි සේවා වල මීට බොහෝ කලෙක සිට සාර්ථකව ක්‍රියාත්මක වේ.

Source - Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara