මැයි මාසයේදී WhatsApp ගිණුම් මිලියන 1.9ක් තහනම් කරයි

මැයි මාසයේදී WhatsApp ගිණුම් මිලියන 1.9ක් තහනම් කරයි

පසුගිය මැයි මාසයේ වාර්තාවකට අනුව Meta සමාගම විසින් 19,10,000ක WhatsApp ගිණුම් ප්‍රමාණයක් ban කර තිබෙනවා.

මේ සඳහා WhatsApp විසින් abuse detection system (අපයෝජන හඳුනාගැනීමේ පද්ධතියක්) භාවිතා කරනු ලබනවා. එහි අදියර 3ක් පවතිනවා, ඒ WhatsApp ගිණුමක් සැකසීමේදී, WhatsApp හරහා පණිවිඩ හුවමාරුවේදී සහ අදාළ ගිණුමට අදාල negative feedbacks තිබේ නම් ඒවා පිළිබඳ සොයා බැලීමේදී යි. මේ negative feedbacks අනෙකුත් පරිශීලකයන්ගේ reports සහ blocks මත රඳා පවතිනවා.

Meta සමාගමේ නිලධාරියෙකු මේ පිළිබඳව පවසා ඇත්තේ WhatsApp යනු, end-to-end encrypted messaging සේවාවන් අතරින් අපයෝජන වැළැක්වීමේ ප්‍රමුඛයා බවත් වසර ගණනාවක සිට ඔවුන් විසින් AI සමඟ අනෙකුත් නවීන තාක්ෂණයන් හා දත්ත විද්‍යාඥයින් යොදා ගෙන මේ සඳහා කටයුතු කළ බවයි.

මෙම පරිශීලක ආරක්ෂිත වාර්තාවේ ලැබී ඇති පරිශීලක පැමිණිලි සහ Meta සමාගම විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම WhatsApp විසින් මෙසේ ක්‍රියා කිරීමට ඇති වැළැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර අඩංගු වනවා. එසේ නවතම වාර්තාවට අනුව ඔවුන් විසින් මැයි මාසයේදී ගිණුම් මිලියන 1.9 කට අධික සංඛ්‍යාවක් ban කර තිබෙනවා. මීට අමතරව Meta සමාගම විසින් අප්‍රේල් මාසයේදී ගිණුම් 16,66,000 ක් සහ මාර්තු මාසයේදී ගිණුම් 18,05,000 ක් මේ අයුරින්ම ban කර තිබෙනවා.

මෙසේ ban කිරීමෙන් අනතුරුව එම පරිශීලකයන්ගෙන් ලැබුණු අභියාචනා 303 කින් නැවත යථා තත්වයට පත් කිරීමට කටයුතු කළේ ගිණුම් 23ක් පමණක් බවද මේ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වනවා.

අනාගත වාර්තා වලදී ද වැඩි විස්තර එකතු කිරීමෙන් මෙම ක්‍රියාවලියට වඩාත් සාර්ථක කොට WhatsApp හි ආරක්ෂාව තුළින් එහි ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම Meta සමාගමේ මූලික අරමුණයි.

Sources: GizBot Economic Times

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara