WhatsApp සඳහා Animated Avatar Sticker Pack එකක් හඳුන්වාදෙයි

මෑතකදී හඳුන්වාදුන් WhatsApp Avatar Sticker Pack එක Animated Sticker Pack එකක් ලෙසින් හඳුන්වාදී තිබෙනවා.

WhatsApp සඳහා Animated Avatar Sticker Pack එකක් හඳුන්වාදෙයි

Facebook හා Instagram වෙත හඳුන්වාදුන් Profile Avatars පහසුකම මීට මාස කිහිපයකට පෙර WhatsApp වෙත හඳුන්වාදුන් බව ඔබට මතක ඇති. ඒ Avatars සමඟ අපට WhatsAppහි Sticker Pack එකක් ද ලැබෙනවා. WhatsApp වෙත නිකුත් කළ නවතම යාවත්කාලීනයක් තුළින් එම Sticker Pack Animated Sticker Pack එකක් ලෙසින් හඳුන්වා දී තිබෙනවා.

Source: WABetaInfo.com

ඔබගේ WhatsApp App එක සඳහා මෙම විශේෂාංගය දැනටමත් ලැබී ඇත්දැයි බැලීමට, Sticker Pannel එකෙහි Avatar Tab එක විවෘත කරන්න. සමහර avatars සඳහා Animation එකක් තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔබට දැන් Animation avatars භාවිතා කළ හැකි බවයි. කෙසේවෙතත් මේ Stickers ලබන්නාටද Animated ලෙසින් දිස්වීම සඳහා ඔහු WhatsApp හි Animated Avatar Stickers සඳහා සහය දක්වන Version එකක් සඳහා Update කර සිටීම අවශ්‍ය වනවා.

මේ වන විටත් Beta සහ සමහර Public Users ලාට මේ පහසුකම නිකුත් කිරීමට ආරම්භ කර ඇති අතර නොබෝ දිනකින් ඔබටත් මේ පහසුකම අත්විඳිය හැකියි.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna