WhatsApp AI Chats භාවිතා කිරීමේ හැකියාව Beta පරිශීලකයන් සඳහා ලබාදෙයි

WhatsApp Android සහ iOS සඳහා නිකුත් කරන ලද නවතම Beta Update එක මඟින් මෙම AI Chats වෙත පිවිසීමට අදාළ Shortcut icon එකක් ඇතුලත් කොට තිබෙනවා.

WhatsApp AI Chats භාවිතා කිරීමේ හැකියාව Beta පරිශීලකයන් සඳහා ලබාදෙයි

සැප්තැම්බර් මස Meta සමාගම විසින් පැවැත්වූ Special Event එකක් අතරතුරේදී WhatsApp සඳහා AI Features රැසක් හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. එසේ හඳුන්වාදුන් නව පහසුකමක් ලෙස AI Chats පහසුකම විශේෂ වනවා. කෙසේ නමුත් මෙය භාවිතා කිරීමට මේ වන විටත් කිසිවෙකුටවත් අවස්ථාවක් ලැබී තිබුනේ නැහැ.

WhatsApp Android සහ iOS සඳහා නිකුත් කරන ලද නවතම Beta Update එක මඟින් මෙම AI Chats වෙත පිවිසීමට අදාළ Shortcut icon එකක් පහත Screenshots වල පරිදි ඇතුලත් කොට තිබෙනවා.

මේ මඟින් ඔබට WhatsAppහි AI Chats වෙත Chats List එකෙහි ඇතුළත් වෙනත් Chats අතර සෙවීමකින් තොරව ඍජුවම පිවිසිය හැකිවනවා. මෙවැනි AI Chat පහසුකමක් බොහෝ දෙනා එදිනෙදා භාවිතා කරන Messaging App එකක් තුලට ඇතුළත් කිරීම මඟින් ChatGPT, Google Bard යන වෙනත් යෙදුම් වලට පිවිසීමකින් තොරව WhatsApp තුලම මෙම AI Chats භාවිතා කිරීමෙන් මෙහි භාවිතය බොහෝ සෙයින් ඉහළ යැයි බොහෝ දෙනා මත පල කරති.

මෙම AI Chats පහසුකම තවමත් ලබා දී ඇත්තේ තෝරාගත් Beta පරිශීලකයන් සඳහා පමණක්වන අතර පර්‍යේෂණ කටයුතු අවසන් වීමෙන් පසුව නුදුරේදීම නිකුත් වේ යැයි බලාපොරොත්තු විය හැකිවනවා.

ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna