iOS 13.5 released - Update කල යුතුද?

iOS 13.5 released - Update කල යුතුද?

අලුතින් iOS Update එකක් Release උනාම කවුරුත් වගේ ඒ Update එක install කරගන්න වගේම අලුතින් ලැබුනු Features ගැනත් දැන ගන්න කැමතියි. මේ ලිපිය ඒ සම්බන්ඳයෙන්.

මෙහි ප්‍රමාණය Device එකෙන් Device එකට සහ පෙර සිටි OS Version එක මත වෙනස් වෙනවා.

COVID-19 Exposure Logging

මෙය Apple හා Google සමාගම එක්ව නිර්මාණය කරන ලද්දක්. මෙහිදී ඔබ සමාජයට නිරාවරණය වන ආකාරය පිලිබඳව දත්ත සටහන් කර ගනු ලබනවා. Exposure Notification API බාවිතා කර සාදා ඇති Apps මගින් මෙම දත්ත නිරීක්ෂණය කර මිනිස්සුන් එක්රැස්වන ස්ථාන හා ඒ පිලිබඳ දත්ත අදාල අංශ වලට ලබාගත හැකී.

නමුත් මෙම පහසුකම ලංකාවට තවමත් ක්‍රියාත්මක නැහැ.

Automatic Prominence in FaceTime

FaceTime හරහා Group Video Call එකක් ලබා ගැනීමේදී කතා කරන කෙනාව ඒ අවස්තාවේදී විශාලනය වී පෙනන පහසුකම අවශ්‍ය නම් දැන් ඉවත් කරන්න පුලුවන්.

Share Apple Music as a Instagram Story

දැනට Play වෙමින් පවතින Apple Music Song එක Instagram Story එකක් ලෙස Share කිරීමට මෙමගින් හැකියාව ලැබෙනවා.

Fixes & Other Improvements

රටවල් කිහිපයක ජාතික කොඩිය හා සින්දි භාෂාවේ අකුරු කිහිපයක් සහිත පණිවිඩයක් නිසා ඇති වූ දෝෂයක් නිසා iOS 13 users ලා බොහෝමයක් දැඩි අපහසුතාවයට ලක් උනා. 13.5 වලදී මෙම දෝෂය මගහරවා තිබෙනවා.

එලෙසම ඇතැම් Users ලා හට Network සහ Call Issue ඇතිවී ඇති අතර එය පිලිසකර කිරීමට අලුත් Modem Firmware එකකුත් එවා තිබෙනවා.

FaceID with Mask

මෙහිදී ඔබ මාස්ක් එකක් පැලද සිටින විට FaceID එක මගින් තවදුරටත් Scan කිරීම නවතා ඒ වෙනුවට Directly Passcode View එක Prompt කරනු ලබනවා.
මීට අමතරව තවත් බොහෝ සුලු නිවැරදිකිරීම් ගණනාවක් මෙම නිකුතුවේ ඇතුලත්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara