Microsoft Office 2021 සංස්කරණයේදී ලැබෙන නවතම පහසුකම් පිළිබඳව දැනගනිමු
![Microsoft Office 2021 සංස්කරණයේදී ලැබෙන නවතම පහසුකම් පිළිබඳව දැනගනිමු](/content/images/size/w1200/2021/12/microsoft-office-2021-new-features.jpg)
Microsoft සමාගමේ Office පැකේජයේ 2021 සංස්කරණයෙහි දැන් co-authoring, inking, data types, functions, translation, editing tools, motion graphics සහ තවත් බොහෝ පහසුකම් ලබා දීලා තිබෙනවා. අද මේ ලිපිය මඟින් අපි ඒ නවතම පහසුකම් පිළිබඳව කතා කරමු.
01. Co-author documents
- New in: Word, Excel, PowerPoint
Co-author documents Feature එක සමඟින්, ඔබට එකම ලේඛනයේ අනෙක් අය සමඟ එකවර වැඩ කළ හැක. File එක Updated වූ විට සියලු දෙනාටම දැනුම් දෙනු ලබන නිසා අමතර සටහන් හෝ ඊමේල් යැවීමට අවශ්‍ය නැත.
02. Better collaboration with modern comments
- New in: Word, Excel, PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-65.png)
මෙහිදී Co-authors ලා විසින් පළ කරන ලද Comments පාලනය කිරීම සහ එකවර Word, Excel, PowerPoint සඳහා Comments පළ කළ හැකි වනවා.
03. Know who's in your document
- New in: Word, Excel, PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-66.png)
ඔබ විසින් Share කරනු ලැබූ ලේඛනයේ සංස්කරණ කටයුතු කරන්නේ කවුරුන්ද සහ ඔවුන් ලේඛනයේ කටයුතු කරන ස්ථානය මේ පහසුකම මඟින් සොයා ගත හැක.
04. Visual refresh
- New in: Access, Excel, OneNote, Outlook, PowerPoint, Project Publisher, Visio Word
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-67.png)
නවීකරණය කරන ලද Office Start experience එක සහ Ribbon එකෙහි අඩංගු වන Tabs ද නවීකරණය කරලා තිබෙනවා. මෙහිදී monoline iconography සමඟ clear style එකක්, neutral color palette සහ softer window corners අත්විඳිය හැකි වනවා.
05. Look left, look right… XLOOKUP is here!
- New in: Excel
මෙමඟින් පේළියෙන් පේළිය, XLOOKUP සමඟින් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් වගුවක හෝ කෝෂ පරාසයක සොයා ගත හැකියි.
06. Dynamic arrays
- New in: Excel
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-68.png)
ගණනය කිරීම්වල පහසුව සඳහා Excel වෙත තිබූ FILTER, SORT, SORTBY වැනි පහසුකම්ද ශ්‍රිත ලෙස ඇතුළත් කර ඇති අතර UNIQUE, SEQUENCE, හා RANDARRAY අලුත් ශ්‍රිත 3ක් හඳුන්වා දී ඇත.
07. LET ශ්‍රිතය
- New in: Excel
LET ශ්‍රිතය මඟින් ගණනය කිරීම් මඟින් ලැබෙන ප්‍රතිඵල සඳහා නම් ලබා දිය හැකිය. මෙය සූත්‍රයක් තුළ හෝ අතරමැදි ගණනය කිරීම් සඳහා යොදා ගත හැක.
08. XMATCH ශ්‍රිතය
- New in: Excel
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-69.png)
XMATCH ශ්‍රිතය Array එකක හෝ Cell Range එකක ඇති දේ සොයමින්, එහි සාපේක්ෂ පිහිටීම ලබා දෙයි. Array එකක අගයක් ලබා දීමට ඔබට XMATCH භාවිතා කළ හැක.
09. Sheet view
- New in: Excel
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-70.png)
ලේඛනය තුළ වෙනත් අයෙක් සංස්කරණය කරන්නේ නම් ඔහුට බාධා නොවී Sheet එක දිස්වන ආකාරය බලා ගත හැක.
10. නව Accessibility Ribbon
- New in: Excel
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-71.png)
මෙම Accessibility Tab එකෙහි ඔබට අවශ්‍ය accessible content නිර්මාණයට Tools තිබෙනවා.
11. නවීකරණය කරන ලද Slide Show Record කිරීමේ හැකියාව
- New in: PowerPoint
දැන් ඔබට Slide Show Record කිරීමේදී Presenter ගේ Video එක සහ අප Slide Show එක තුළ භාවිතා කරන Pen එක සහ Laser Point එකත් මේ නවතම සංස්කරණය මඟින් Record කළ හැකි වනවා.
12. Ink Objects (Hand Drawings) සඳහා නව Replay සහ Rewind Animation එක
- New in: PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-72.png)
දැන් ඔබට නව Replay හෝ Rewind සජීවිකරණය Drawing සඳහා යෙදිය හැකි අතර ඔබේ ඉදිරිපත් කිරීම් තුළ චිත්‍ර ඇඳීමේ ආකාරයට සකස් ගත හැක. ඔබට මෙම සජීවිකරණවල වේලාව ඔබට අවශ්‍ය පරිදි වේගවත් හෝ මන්දගාමී ලෙස සකස් කළ හැක.
13. කියවන්නන් සඳහා Customized කළ හැකි Reading Order එක
- New in: PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-73.png)
14. නවීකරණය කරන ලද slide link කිරීමේ හැකියාව
- New in: PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-74.png)
15. Translator in Outlook
- New in: Outlook
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-75.png)
ඔබට Outlook තුළ සිටම භාෂා 70කට වඩා වැඩි ගණනකට Emails පරිවර්තනය කර කියවිය හැක.
16. ඉක්මනින් හා පහසුවෙන් Mails සොයා ගැනීම සඳහා Outlookහි නව Search පහසුකම
- New in: Outlook
17. Dark pages in Word
- New in: Word
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-76.png)
මීට පෙර Word හි Dark Mode එක Tabs සහ Tool Bars පමණක් තිබූ අතර ලේඛන සුදු පැහැයෙන් පැවතුනි. දැන් Word හි Dark Mode එක මුළු Word Software එකෙහිම භාවිතා කළ හැක.
18. Improve comprehension with Line Focus
- New in: Outlook
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-77.png)
අවධානය වෙනතකට යොමු නොකර Word හි, පේළියෙන් පේළියේ ලේඛනය කියවිය හැකිය. මෙහි එකවර පේළි එකක්, තුනක් හෝ පහක් දර්ශනය කිරීමට හැකි වන පරිදි සකසා ගත හැක.
19. See what’s new in stock media
- New in: Word, Excel, PowerPoint, Outlook, Visio
Office Premium Creative Content එකතුවට රූප, අයිකන, සහ ඔබට ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට උදවු කරන නිරන්තරයෙන් වඩාත් අත්‍යාවශ්‍ය මාධ්‍යන් එකතු කර ඇත.
20. Find what you need with Microsoft Search
- New in: Word, Excel, PowerPoint, Outlook, OneNote
Windows හි ඔබගේ Microsoft Office යෙදුම්වල ඉහලින් ඔබට නව Microsoft Search Box එක හමුවනු ඇත. මෙමඟින් ඔබට ඔබ සොයන දේ ඉක්මනින් සොයා ගැනීමට උදවු කරයි.
21. Increase the reach of your content
- New in: Word, Excel, PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-78.png)
Accessibility Checker එක ඔබේ ලේඛන ගැන විමසිල්ලෙන් සිටින අතර එය ඔබ බැලිය යුතු දෙයක් සොයා ගත් විට තත්ව තීරුවේ ඔබට කියයි. Review > Check Accessibility ක්ලික් කිරීමෙන් මෙය සක්‍රීය කරගත හැක.
22. Performance improvements
- New in: Word, Excel, PowerPoint, Outlook
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-79.png)
Word, Excel, PowerPoint සහ Outlook හරහා වැඩිදියුණු කළ Performance, Stability සහ වේගයක් අත්විඳිය හැක.
SUMIF, COUNTIF, සහ AVERAGEIF වැනි Excel ශ්‍රිතවලින් වේගවත් ගණනය කිරීම් ලබා ගැනීමටද හැක.
23. Updated Draw tab
- New in: Word, Excel, PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-80.png)
නව Draw Tab එකෙහි Point Eraser, Ruler, සහ Lasso භාවිතයෙන් ඔබට ඔබේ Hand Drawings ඉතා සරලව සිදු කළ හැක.
24. Save your changes as they happen
- New in: Word, Excel, PowerPoint
ඔබගේ සියලු ගොනු සුරැකීමට ඔබගේ ගොනු OneDrive, OneDrive for Business, හෝ SharePoint Online වෙත උඩුගත කරන්න. මෙහිදී එක්වරක් upload කර පසු ලේඛනයේ වෙනස්කම් සිදු කරන සෑම අවස්ථාවකදීම එය Auto Save වෙයි.
25. Support for OpenDocument format (ODF)
- New in: Word, Excel, PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-81.png)
Microsoft සමාගම විසින් OpenDocument Format (ODF) 1.3 සඳහා සහය Office 2021 සමඟ ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. ODF 1.3 Format එක බොහෝ නව විශේෂාංග සඳහා සහය එක් කරයි.
26. Refresh, relink, or remove linked tables
- New in: Access
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-82.png)
යාවත්කාලීන කළ සම්බන්ධිත වගු කළමනාකරු ප්‍රවේශ දත්ත ගබඩාවක සියලුම දත්ත මූලාශ්‍ර සහ සම්බන්ධිත වගු බැලීම සහ කළමනාකරණය කිරීම සඳහා කේන්ද්‍රීය ස්ථානයකි. ඔබගේ ප්‍රතිපෝෂණ මත පදනම්ව අපි සම්බන්ධිත වගු කළමනාකරු වෙත සිදු කර ඇති සියලුම වැඩිදියුණු කිරීම් මෙයට ඇතුළත් කළ හැක.
27. Access වෙත Date/Time Extended යනුවෙන් නව Data Type එකක් හඳුන්වාදෙයි
- New in: Access
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-83.png)
28. Access Database එකක Tabs Create කිරීමේ හැකියාව
- New in: Access
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-84.png)
29. Visio හි නව Azure Stencils සහ හැඩතල
- New in: Visio
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-85.png)
30. Visio හි නව AWS Stencils සහ හැඩතල
- New in: Visio
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-86.png)
31. සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි Workplace Plan කිරීමේ හැකියාව
- New in: Visio
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-87.png)
32. Sketched style outline
- New in: Word, Excel, PowerPoint
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-88.png)
Sketched style outline සමඟින් ඔබට ඔබේ ලේඛනයට යොදන හැඩතලවලට අතින් අඳින ලද පෙනුමක් ලබා දිය හැක.
Format Shape > Line > Sketched style මඟින් ඔබට මෙය සිදු කළ හැක.
33. ඉතා පහසුවෙන් නිවැරදිම වර්ණ තෝරාගැනීමේ හැකියාව
- New in: Access, Excel, OneNote, Outlook, PowerPoint, Project, Publisher, Visio, Word
![](https://backend.androidwedakarayo.com/content/images/2021/11/image-89.png)
පෙරදී ඔබට Hex වර්ණ අගය ලබා දෙන්නේ නම් එය RGB අගයන් බවට පත් කළ යුතු වනව. නමුත් දැන් Hex වර්ණ අගයන් සඳහා වර්ණ සංවාදයේ නව ආදාන ක්ෂේත්‍රයක් එක් කර තිබෙනවා.
සටහන
මෙහි දැක්වෙන්නේ Microsoft Office 2021 පැකේජය සඳහා හඳුන්වාදුන් නව පහසුකම් වන අතර ඔබ Microsoft 365 (Office 365) භාවිතා කරන අයෙක්නම් දැනටමත් මෙම පහසුකම් ඔබට ලැබී තිබෙනවා හෝ, ඉදිරියේදී ලැබෙනවා ඇත. එසේම Office 2021 සඳහා නැති තවත් පහසුකම් ද 365 පාරිභෝගිකයින් සඳහා ලබාදෙන/ලබා දී ඇති බව Microsoft සමාගම සඳහන් කර සිටිනවා.
Source: Microsoft