iOS 13 වල අවසානය? (iOS 13.6 Beta 2)

iOS 13 වල අවසානය? (iOS 13.6 Beta 2)

අද Apple ලා iOS 13.6 Beta 2 release කරා ඉතිං මේ තමා දෙවෙනි පාර මෑත කාලයකදි iOS version එකක් rename කරපු. ගිය සතියේ iOS 13.5.5 release කරාට පස්සේ අද iOS 13.6 අලුත් නමකින් release උනා මේ වගේම ගිය මාසේ iOS 13.4.5 වල ඉදන් iOS 13.5 වලට ගියා මේ jump එකට හේතු උනේ Apple ලා Exposure Notification API එක හදුන්වලා දීමයි. ඉතිං මේ SDK වෙනස නිසා කුඩා අංකකරනයක ඉදලා ප්‍රදාන අංක කරනයකට යන්න සිද්ද උන බව තමා Apple ලා දැනුම් දුන්නේ.

ඉතිං මේ නිසා මේ දේම අදත් උනා කියන්න පුලුවන් iOS 13.6 වලට jump කරද්දි. ඒත් මේ වෙනස මොකද්ද කියලා නම් තාම පැහැදිලි නෑ. Apple ලා මේ ගැන ලොකු සදහන් කිරීමක් release notes වලත් සදහන් කරලා නෑ.ඒ උනාට Developer කෙනෙක් වෙන ඔයාට හරි Public Beta Tester කෙනෙක් විදියට හරි මේ update එක අද ඔයාට Download කරගන්න පුලුවන්.

ඒ වගේම මෙක තව තවත් complicated කරමින් තව සති දෙකකට අඩු කාලයකදි iOS 14 Beta 1 release කරන්න නියමිතයි. මීට කලින් iOS 13.6 Generally Release කරයි කියලා නම් හිතන්න අමාරුයි...

ඉතිං මේ Update එක Run වෙන devices වල ලොකු වෙනසක් නම් දකින්න ලැබෙන්නේ නෑ තාම battery life , stability ගැන අදහසක් දෙන්න තරම් කාලයක් නැති උනත් ලොකු වෙනසක් නැති බවට තමා අරංචි වෙන්නේ. ඒ වගේම පෙනෙන්නට වෙනස්කම් කිපයක් තිබෙනවා. එයින් එකක් තමා ඔයාලට දැන් automatic update funtion එකට additional option එකක් ලැබිලා තිබෙනවා ඒ නම් auto download update and auto install update යන දෙකයි.

ඉතිං ඔයාලට දැන් වෙනදා overnight auto update වෙනවා වෙනුවට overnight download වෙන්න විතරක් දීලා පහසු වෙලාවක update කරගන්න හැකියාව තිබෙනවා. මේ මගින් ඔයාට phone එක අත්‍යවශ්‍ය වෙලාවක update වෙන එක වලක්වන්න පුලුවන්. ඒ වගේම අලුත් health features එකක් add වෙලා තියෙනවා symptoms යනුවෙන් මෙකෙදි ඔයාලට තියෙන රෝග ලක්ශන apple health app එකට add කරන්න පුලුවන් ඉතින් මෙහෙම add කරන එකෙන් ඒ ලක්ශන එන වෙලාව රටාව වගේ දෙවල් track කරන්න වගේම මෙ මගින් වෛද්‍යවරුන්ට පහසුවෙන් රොග වලට ප්‍රතිකාර කරන්නත් පුලුවන් වෙනවා.

ඉතිං මේ iOS 13.6 විශාල වෙනසක් ගෙන ආවේ නැතත් iOS 13 වල අවසන් update එක විදියට මේක සලකන්න පුලුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara