මොකක්ද මේ Blood Oxygen Level එක කියන්නෙ? Oximeter එක කොහොමද වැඩ කරන්නේ?

මොකක්ද මේ Blood Oxygen Level එක කියන්නෙ? Oximeter එක කොහොමද වැඩ කරන්නේ?

Covid වසංගත තත්වයත් එක්කම මේ දවස් වල වැඩිපුරම ඇහෙන වචන දෙකක් තමා තමයි Blood Oxygen Level හා Oximeter. ඉතින් මේ වෙනකොට වෛද්‍යවරුන් විසිනුත් පවසා තිබෙනවා තමන්ගේ පාවිච්චියට Oximeter එකක් ලඟ තබා ගන්න එක හොදයි කියල. සමහර විට මේ වෙනකොටත් ඔයා ලග Oximeter එකක් තියෙන්න වගේම නැති වෙන්නත් පුලුවන්. මොකක්ද මේ Oximeter එක කියන්නේ, මොකක්ද මේකෙන් අපිට කරන්න පුලුවන්, ඒ වගේම මේ Oximeter එක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල අපි අද කතා කරමු.

Blood Oxygen Level (Spo2 Level)

Blood Oxygen Level (Spo2 Level) ගැන දැනගන්න කලින් ඔයා දැනගන්න ඕනේ පොඩී දේවල් ටිකක් තියෙනවා. ඔයා දන්නවා ඔයාට හුස්ම ගන්න Oxygen අත්‍යවශ්‍යයි කියන එක. සමහරු 'ඔක්සිජන් කන්න ද' කියලා කිව්වත් ඕනේම පොඩි ළමයෙක් පවා දන්නවා ඔක්සිජන් නැතුව ජීවත් වෙන්න බැරි බව. ඉතින් මේ පෙනහලු වලින් ඇතුලු වෙන ඔක්සිජන්, රුධිරය හරහා ඇඟ පුරාම ගෙනියන්නේ රතු රුධිරානු සෛල (Hb නොහොත් Hemoglobin) හරහා. ඔක්සිජන් තියෙන Hb වලට Oxy Hb කියලත්, ඔක්සිජන් නොමැති Hb වලට DeOxy Hb කියලත් කියනවා.

මේ පෙනහලු වලින් ඔක්සිජන් අරගෙන යන Hb වල තියෙන ඔක්සිජන් සංතෘප්තතාව සියයට අගයකින් ප්‍රකාශ කිරීම තමා Blood Oxygen Level එක විදිහට හදුන්වන්නේ. DeOxy Hb වලට වඩා Oxy Hb වැඩි නම් Blood Oxygen Level එක 50% කට වඩා වැඩියි. සාමාන්‍ය මනුස්සයෙක්ගේ Blood Oxygen Level එක 95% හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පැවතිය යුතු වෙනවා.

Covid වෛරස් එක ශරිර ගත වු විට මේ Blood Oxygen Level එක අඩු විම සිදු වෙනවා (වෙනත් ලෙඩ රෝගවලදීත් Blood Oxygen Level එක අඩු විම සිදු වෙනවා) ඔයාට පහල ඡායාරූපයෙන් මේ ගැන පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි.

අපේ ශරිරයේ රැධිරය තුල පවතින Blood Oxygen Level එක මනින උපකරණය තමයි Oximeter එක කියල හදුන්වන්නේ.

Oximeter එක කොහොමද වැඩ කරන්නේ?

Oximeter එකක රතු පාට LED එකක්, Infrared (අධෝරක්ත) LED එකක් වගේම Light Receiving Detector එකකුත් තියෙනවා.

ලිපියේ උඩ සදහන් කළ ආකාරයට Oxy Hb හා DeOxy Hb මේ රතු හා අධෝරක්ත ආලෝක අවශෝෂණය කරන ප්‍රමාණ එකිනෙකට වෙනස්(OxyHb රතු ආලෝකයට වඩා අධෝරක්ත කිරණ අවශෝෂණය කරනු ලබනවා. DeOxy Hb අධෝරක්ත කිරණ වලට වඩා රතු ආලෝකය අවශෝෂණය කරනු ලබනවා)ඒ කියන්නේ අධෝරක්ත කිරණ වැඩිපුර අවශෝෂණය කරානම් රුධිරයේ OxyHb ප්‍රතිශතය වැඩියි කියන එක.

ඉතින් ඒ ආලෝක දෙක අවශෝෂණය කරන ප්‍රමාණය Light Receiving Detector (photo sensor - උඩ ඡායාරූපය බලන්න) එක මගින් ගණනය කිරීමකට ලක් කරලා අපිට Blood Oxygen Level එක කියවා ගත හැකි පරිදි ලබා දිම සිදු වෙනවා. පහළින් ඉදිරිපත් කරලා තියෙන Gif Image එකෙන් ඔයාලට මේ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න පුලුවන් වෙයි.

ඒ වගේම අපේ තරැණ ප්‍රජාව අතර ජනප්‍රිය Smart Watch වල තියෙන Spo2 Sensor එක වැඩ කරන්නෙ මීට වඩා ටිකක් වෙනස් විදියකට.

මේ ලිපිය මගින් ඔයාලට Oximeter එක ගැන වගේම Blood Oxygen level එක පිළිබඳවත් යම් අදහසක් ලබා ගන්න හැකි වෙන්න ඇති.

එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ආපහු හම්බවෙමු. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පරිස්සමෙන් ඉන්න.

Source: howequipmentworks.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara