Google Duplex කියන්නේ මොකක්ද?

Duplex කියන්නේ full automated system එකක්. මේකෙන් පුළුවන් ඔබ විදිහට ඔබ වෙනුවෙන් කතා කරන්න.

Google Duplex කියන්නේ මොකක්ද?

Person 1: Good evening.
Person 2: Hello?
Person 1: Hello.
Person 2: Hi, um, I’d like to reserve a table for Friday the third.
Person 1: OK, hold on one moment.
Person 2: Mm hmm.
Person 1: OK… hold on one second.
Person 2: Mm hmm.
Person 1: So Friday November third. How many people?
Person 2: For… two people.
Person 1: Two people?
Person 2: Yeah.

ඔබට මතකනම් මෙන්න මේ කතා බහ, ඔබත් 2018 Google Annual Developer Conference එකට සවන් දුන්න කෙනෙක්. මේ කතා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් නෙමෙයි. එකයි මේකේ තියෙන රසවත්ම කොටස. මේ කතා බහ විකාශනය වුනේ California වල තිබෙන Google Sprawling Campus එකේදී. මේ දුරකථන සංවාදය තත්පර 51ක් විකාශනය වුණා. ඔබ විශ්වාස කරන්න මේ Google Assistant හෝටලයකට කතා කරලා රාත්‍රී අහාර වේලක් වෙන් කරන ආකාරය. අපි දන්නා Google Assistant ට මොනවද කරන්න පුළුවන්?

Google Assistant ගොඩනැගෙන්නේ AI මත. develop වෙන්නේ Google කට්ටියගෙන්. 2016 මැයි මාසේ Google Allo හා Google Home වලට ආපු උපකාරක සේවාවක් විදිහට තමයි, පසුව 2017 මැද වෙනකොට තමයි Standalone app එකක් විදිහට Google Assistant ලෝකය කරා පැමිණුනේ. Google Assistant සතුව වෙනමම තරඟකරුවන් ගණනාවක් ඉන්නවා.

Apple සමාගමේ Siri, Amazon සමගම සතු Alexa, Microsoft සමාගමේ Cortana මේ අතරින් ප්‍රබලම තරග කරුවන් තුන් දෙනා. මේ අයත් එක්ක හොද සටනක් දෙන්නනම් Google Assistant සතුව තමන්ටම ආවේනික වුනු ගති ලක්ෂණ තිබීම අනිවාර්යය වෙනවා. ඒ වගේ එක ගති ලක්ෂණයක් තමයි Duplex කියන්නේ.

Duplex කියන්නේ full automated system එකක්. මේකෙන් පුළුවන් ඔබ විදිහට ඔබ වෙනුවෙන් කතා කරන්න. මේකේ තිබෙන අනික් විශේෂත්වය තමයි මේ කතා කරන හඬ රොබෝ කෙනෙක්ගේ හඩක් කියලා අනිත් පාර්ශවයට කිසිම විදිහකින් අදුරගන්න බැරි වීම. Google සමාගම කියන විදිහට සංකීර්ණ වාක්‍ය, වේගවත් වචන, දිගු වාක්‍ය ඉතා පහසුවෙන් මොහු හදුනාගන්නවා. මේ ලින්කුවෙන් මේ වගේ කතා බස් ගණනාවකට ඔබට සවන් දෙන්න පුළුවන්. මේකෙදි මේක කරන්නේ කොහොමද කියල කෙනෙක් අහන්න පුළුවන්.

ලේසිම ක්‍රමය විදිහට මේ වෙද්දී පැහැදිලි වෙන්නේ ඔබ google assistant හට “Call XYZ restaurant and make a reservation for four people Friday night at 7.” යන පණිවිඩය ලබාදීම පමණයි. ඔහු ඉතා පහසුවෙන් එය ඉටු කරනවා වගේම ඔබට ඔහු ගත්ත ඇමතුම මොන වගේද කියලවත් දැනගන්න Duplex ඉඩ තියන්නේ නැහැ. එය විසින්ම එය ඔබේ calendar එක මත සටහන් කරනු ඇති.

මේ විදිහට දුරකතනයෙන් කතා කරන එක අමුතුයි. සමහරවිට පරිශීලකයා ඔහුගේ හෝ ඇයගේ දුක් ගැනවිල්ලක් කියන්න වගේ දේකට වුනත් යොමු වෙන්න පුළුවන්. මේ නිසා ඇමතුමේ පාරදෘශ්‍ය භාවය වෙනුවෙන්, ” the call is with Google Assistant” යන පණිවිඩය කියන්නයි හදන්නේ. ඒ වගේම තවත් කරුණක් කියන්න ඕනේ, මේක බොහොම නුදුරේදී ඔබ අතට ලැබෙනවා කියන එකත් ඔබට වැදගත් වේවි.

Sources: C|Net (1), (2)

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara