භාවිතා කල iPhones මිලදී ගැනීමේද ඔබ වද වෙන Battery Life සහ Battery Health ගැන තේරෙන සිංහලෙන්

භාවිතා කල iPhones මිලදී ගැනීමේද ඔබ වද වෙන Battery Life සහ Battery Health ගැන තේරෙන සිංහලෙන්

ගොඩක් දෙනා පාවිච්චි කරන ලද iPhone එකක් ගැනීමේදී විශේෂයෙන්ම මේ Battery Health එක සම්බන්දව විශාල වශයෙන් වද වෙනවා. මේ පිළිබඳව නිවැරදිව දැන සිටීම මගින් Battery Health එක වැඩිකර ගැනීමට ඔබට පුලුවන.

මොකද්ද මේ Battery Life එක?

Battery Life එක යනු සරලවම එක් වරක් Full Charge කිරීමෙන් පසු නැවත Zero Percent වීම සඳහා ගතවන කාලයයි. සරලව කිව්වොත් “Battery බහින” කාලයයි. වරක් චාර්ජ් කිරීමෙන් පසු ඉක්මනින් බැටරිය ක්ෂය වී යයි නම් එහි අදහස බැටරියේ ආයු කාලය අඩු බවයි. Battery Life එක වැඩි කර ගන්නා ආකාරය ගැන ඉදිරියේදී ලිපියකින් ගෙන එන්නම්.

Battery Health එකෙන් වෙන්නේ මොකද්ද ?

බැටරියේ සෞඛ්‍ය තත්වය එසේත් නැති නම් Health එක ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ගණනය කරනු ලබනවා.

  1. බැටරියට රඳවා ගත හැකි උපරිම ධාරිතාවය, උදාහරණයකට 3046mAh Battery එකක් නම් එහි කොපමණ උපරිම ධාරිතාවයක් පවත්වාගත හැකිද යන්න. මෙය කාලයත් සමග කෙමෙන් අඩුවනවා.
  2. Battery Cycle Count එක මතත් Battery Health එක රදා පවතිනවා. [Battery Cycle Count එක බලන ආකාරය මම පෙර ලිපියක පලකරා]. බැටරි එක සම්පූර්ණයෙන් චාර්ජ් වී සම්පූර්ණයෙන් Discharge වීමෙන් එක් Cycle Count එකක් එකතු වනවා. සාමාන්‍යයෙන් Cycle Count 500 කට පසු Battery Health එක 80% පමණ වන ලෙස iPhone Battery එක නිපදවා තිබෙනවා.

Processor Throttling & Unexpected Shutdown

ඉහත සඳහන් කල ආකාරයට Battery Health එක 80% අගයක් ගැනීමට ආසන්න වශයෙන් වසරකට අධික කාලයක් ගත වෙනවා. නමුත් අයහපත් Charging පුරුදු නිසා ඉතා ඉක්මනින් Battery Health එක අඩු වෙන්න පුලුවන්. ප්‍රමාණවත් තරම් විදුලි සැපයුමක් නොලැබුන විට iPhone එක අධිකව Slow Down වීම හෝ අනපේක්ෂිත ලෙස ක්‍රියා විරහිත වීමට පුලුවන්. නමුත් iOS 11.3 update එකෙන් පසු භාවිතා කරන්නන් හට අවශ්‍ය වැඩි Battery කාලයක්ද නැතිනම් වැඩි ක්‍රියාකාරීත්වයක්ද යන්න තෝරාගත හැකිය. නමුත් එවැනි අවස්තාවකදී ඉක්මනින්ම Battery එක Replace කර ගැනීම වඩා අගනේය.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara