HDD සහ SSD දෙකේම එකතුවෙන් හැදුනු SSHD කියන්නේ මොකක්ද?

HDD සහ SSD දෙකේම එකතුවෙන් හැදුනු SSHD කියන්නේ මොකක්ද?

මුලින්ම ඔයාල මේක කියවන්න කලින් SSD සහ HDD ගැන දාල තිබ්බ ආටිකල් එක කියවල හිටියන්ම් ගොඩක් හොඳයි

මොකක්ද මේ SSHD (Solid-State Hybrid Drive), සරලව කිව්වොත් මේක Hybrid.ඒ කියන්නෙ මේක ඇතුලෙ SSD හා HDD කියන දෙකම තියෙනවා. SSD එකක් තරම්ම වේගවත් නොවුනත් මේක පාරිභෝගිකයාට ගොඩක් වාසිදායකයි. ඒ කියන්නේ මේක SSD එකකට වඩා මිලෙන් අඩුයි.

Image Source- ebuyer.com

මේ SSHD එක ඇතුලේ කුඩා ධාරිතාවයකින් යුතු SSD එකක් හා විශාල ධාරිතාවයකින් යුතු HDD එකක් අඩංගු වෙනවා. මෙතනදි වෙන්නේ අපි නිරන්තරයෙන් භාවිතා කරන files තාවකාලිකව SSD කොටසේ ගබඩා කරල තියාගන්නවා. ඒක නිසා ඒ files ඉක්මනින් අපිට access කරන්න පුලුවන්කම ලැබෙනවා. ඒ කියන්නෙ HDD කොටස තමා Main Storage එක. මේකෙදි SSD වල වගේ Life Time  එක ගැන බයවෙන්න දෙයක් නෑ මොකද HDD එකක් තියෙන නිසා.

SSHD එකත් භාහිර ස්වරූපයෙන් HDD එක වගේම තමා අගල් 2.5, 3.5 ප්‍රමාන වලින් ගන්න පුලුවන්. දැනට 2TB වෙනකන් ධාරිතා වලින් වෙළදපලේ මිලදී ගන්න තියෙනවා. මේ SSHD එකක සාමාන්‍ය Read/Write වේගය 160MB/S වෙනවා. දැනට ලංකාවෙන් නම් SSHD හොයාගන්න අමාරුයි.

ඉතින් ඔයාල ලඟ HDD එකක් විතරක් Plug කරන්න පුලුවන් Laptop එකක් තියෙනවා නම් SSHD කියන්නේ හොඳ විසදුමක්.

එහෙනම් මේවගේ අලුත් තාක්ෂණික ලිපියක්  එක්ක ආපහු හම්බවෙමු.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna