Ship Prefix හා Hull Numbers කියන්නෙ මොනවද ?

Ship Prefix හා Hull Numbers කියන්නෙ මොනවද ?

Ship Prefix (උපසර්ගය) කියන්නෙ මොකක්ද ?


ඕනම නැවක එහි නමට ඉදිරි පසින් ඉංග්‍රීසී අකුරු කිහිපයක් තියෙනවා ඔයාලා සමහර විට දැකල ඇති. SS, USS, RMS, KMS, HMS මේ වගේ ගොඩක් අකුරු එහෙම තිබිල ඇති. මෙන්න මේ අකුරු කිහිපයට තමයි Ship Prefix එක, එසේත් නැත්නම් නැවේ උපසර්ගය කියලා හදුන්වන්නේ.

යුධ නෞකාවලට වගේම සිවිල් හා වාණිජ නෞකාවලටත් මේ කියන උපසර්ගය අදාළ වෙනවා. එසේ Prefix එකක් යෙදීමේ අරමුණ තමයි ඒ නැව අයිති මොකකටද කියල පෙන්වන එක. සිවිල් නැවක නම් මේ Prefix එකෙන් අදහස් වෙන්නෙ ඒ නැවේ කාර්ය අරමුණ, එහි ප්‍රචාලක ක්‍රමය හෝ එය අයත් නෞකා වර්ගයයි.

Image - Wikipedia
  • SS -  Stream Ship (වාෂ්ප නැව)
  • MV - Motor Vassal (මෝටර් නැව)
  • PS - Paddle Steamer
  • RMS - Royal Mail Ship (රාජකීය තැපැල් නැව)
  • RV - research vassel (පර්යේෂණ නැව)

යුධ නෞකාවක නම් මේ Prefix එකෙන් අදහස් වෙන්නෙ ඒ නැව අයිති වෙන්නෙ මොන රටටද මොන හමුදාවටද කියන එක.

  • USS - ඇමරිකාව
  • HMS - බ්‍රිතාන්‍යය

රටවල් කිහිපයක යුධ නෞකා සඳහා භාවිත කරන  Prefix කිහිපයක් ගැන අපි බලමු.

  • USS - United States Ship
  • HMS - His/Her Majestic Ship
  • CNS  - Chinese navy
  • RF - Russian federation
  • JS - Japanese ship
  • IT - Italian ship
  • INS - Indian navy Ship
  • FGS - Federal German Ship
  • HMAS - Her Majestic Australian ship
  • HMCS - Her Majestic Canadian ship
  • FS - French ship
  • RSS -  Republic of Singapore ship
  • INS - Israel naval ship
  • SLNS - Sri lankan naval ship
  • ROKS- Republic of Korean ship

ප්‍රධානතම වශයෙන් වැදගත් වන Prefix කිහිපයක් විතරයි මෙතැන තියෙන්නෙ. මේවගෙන් සමහර Prefix ව්‍යවහාරයේ දී භාවිතා කරත් ඒවා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරපු ඒවා නෙමෙයි.


Hull Number (හල් අංකය) කියන්නෙ මොකක්ද ?


ඒ වගේම තමයි යුධ නැවක ඒකෙ නමට පිටුපසින් BB, DDG, CVN වගේ අකුරු කිහිපයක් එක්ක ඉලක්කමක් තියෙනවා ඔයාලා දැකල ඇති. අන්න ඒ සංකේත හදුන්වන්නේ හල් සංකේතය (Hull Number) යන නමින්. මේ සංකේතයෙන් එම යුධ නැව අයත් වර්ගය මොකක්ද කියලා පෙන්නුම් කරනවා.

  • BB -  Battleship
  • DDG - Destroyers
  • CG - Cruisers
  • CVN - Nuclear powered Aircraft carriers
  • SSBN - ballistic missile submarine
  • SSN - Attack submarine

මේකත් එක්ක තියෙන අංකය මගින් එම නැවට අදාළ පංතියේ හිමි ස්ථානය නිරූපණය වෙනවා වගේම ලෝකෙ මේ එක අංකයකින් තියෙන්න පුළුවන් එක නැවක් විතරයි.

Image - Wikipedia



උදාහරණයක් විදිහට DDG -1000 කියලා අංකයක් මුළු ලෝකෙම තියෙන්නේ USS Sumwalt නෞකාවට විතරයි.

USS   Misoori   ( BB - 63 )
|           |                  |        
|           |                  |        
|           |              Hull Number
|           |
|           Ship name
|
Prefix

මේකෙ සම්පූර්ණ අදහස වන්නේ, මිසූරි යනු ඇමරිකාවට අයිති යුධ නැවක් බවත්, එය බැට්ල්ෂිප් වර්ගයේ 63 වන නෞකාව වන බවත් ය.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara