අනාගතේට හරි පාර කියාදෙන Roadmap.sh

අනාගතේට හරි පාර කියාදෙන Roadmap.sh

Android වැඩකාරයෝ අපත් සමග එකතු වි සිටින ඔබ බොහෝ දෙනෙකුම IT ක්ෂේත්‍රය දෙසට යම් හෝ නැඹුරුවක් දක්වන බව නොරහසක්. ඉතින් ලංකාවේ බොහෝ දෙනා ආසයි මේ IT ක්ෂේත්‍රය පැත්තෙන් ඉස්සරහට යන්න.

ඒත් මූල්‍යමය ගැටලු වගේම, හරි මග පෙන්වීමක් නොමැති නිසා ඔවුන්ට හරියාකාරව තමන්ගේ පාර සොයා ගැනීමට අපහසු වෙනවා. ඉතින් මේ ලිපිය ඔස්සේ සුදානම් වෙන්නේ IT ක්ෂේත්‍රය පැත්තෙන් ඉස්සරහට යන්න  කැමති නම් ඔයාගේ අනාගතය ඔයාටම Plan කර ගන්න, හරි විදියට පාර පෙන්වන වෙබ් අඩවියක් ගැන කෙටියෙන් හදුන්වා දෙන්නයි. ‌‌ ‌‌

මේ අඩවිය තමයි roadmap.sh කියන වෙබ් අඩවිය. ඉතින් මේ වෙබ් අඩවියේ දැනට Role Based සහ Skill Based යන කොටස් දෙක වෙත දැනට භාවිතා වන Technologies කිහිපයක් සරලව සියලු විස්තර සහිතව මග පෙන්වීම් කර තිබෙනවා.

Image : roadmap.sh official Twitter Account

ඒ අතර Front End develper, Backend Developer, DevOps, QA developer, Software Architect වැනි පුළුල් පරාස දක්වා විහිදෙන රැකියා වලට අවශ්‍ය මග පෙන්වීම විස්තර සහිතව ලබා දෙනවා. ඒ වගේම React, Spring Boot, Node Js, Java මුල සිට අග දක්වා ඉගෙන ගැනීමට අවශ්‍ය මාර්ගය ඉතා පැහැදිලිව අප වෙත ගෙන එනවා.‌‌‌‌ මෙම වෙබ් අඩවිය ඉතාමත් වේගයෙන්ම යාවත්කාලීන වන නිසා අපගේ රැකියාවලට හෝ ඉගෙනුමට අදාලව අප දැනගත යුතු පරාසය ඉතා හොදින් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසෙනවා.‌‌

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක් !

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna