ඇත්තටම අකුණු ගහනකොට ට්‍රිප් ස්විච් එක off වෙනවද? ට්‍රිප් ස්විච් එක අකුණු අනතුරු වලින් බේරෙන්නද හදලා තියෙන්නේ? මේ ඒ ගැ​න

ඇත්තටම අකුණු ගහනකොට ට්‍රිප් ස්විච් එක off වෙනවද? ට්‍රිප් ස්විච් එක අකුණු අනතුරු වලින් බේරෙන්නද හදලා තියෙන්නේ? මේ ඒ ගැ​න

කාන්දු පරිපථ බිඳිනය ගැන දන්නවද ? ?

කාන්දු පරිපථ බිඳිනය! මොකක්ද මේ අමුතු ගැජට් එක. මේකට තමා ඔයාලා ට්‍රිප් ස්විචය කියන්නෙ. නමුත් මේකේ ඇත්තම නම ට්‍රිප් සුවිචය නම් නෙවෙයි. ඒක අපේ මිනිස්සු හදා ගත්ත නමක්. මේකට කියන්න නිවරැදිම නම තමා කාන්දු පරිපථ බිදිනය නැතිනම් RCCB (Residual Current Circuit Breaker Devices).

නිවසක භාවිතා වන ස්විච් බෝර්ඩ් එ​ක

ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නෙ? අකුණු ගහන වෙලාවට මේක Off වෙනවද?

ඉස්සරහට එන්නේ බක් මහ අකුණු ගහන කාලයත් නිසා අපි කල්පනා කරා ඔයාලට ට්‍රිප් ස්විච් එක ගැන පොඩි අදහසක් අරගෙන දෙන්න. අකුණක් ගැහුවා කියලා ට්‍රිප් එක Off වෙනවා කියන එක නම් බොරු කතාවක්. එහෙම නොවෙන්නෙ ඇයි කියල මේ ලිපිය සම්පූර්ණම කියවගෙන යද්දි ඔයාලට තේරෙයි. ඇත්තටම මේ උපකරණයෙන් වෙන්නේ අපේ ශරීරයට විදුලි සැර වැදීමෙන් අපේ ශරීරය හරහා විදුලිය ගමන් කර පොළවට කාන්දු වුවහො​ත් විසන්ධි කිරීමයි. නමුත් විසන්ධි විමට නම් 30Am වගේ ධාරිතාවක් කාන්දු විය යුතු වෙනවා. (මිනිසාට දරාගත හැකි සාමාන්‍ය ධාරාව වන්නෙ 30Am) මීට අමතරව Current leak එකක් වගේ අවස්තාවකදි පමණයි මේ උපකරණය විසන්ධි විම සිදු වන්නේ.

දැන් ඔයාල කල්පනා කරනවා ඇති මම මේකෙ අකුණු ගහද්දි Off වෙන්නෙ නැහැ කිව්වට අකුණක් ගහපු ගමන් අපේ ගෙදර එක Off වෙනවනෙ කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි.

විදුලි කොටද්දි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් අවට පරිසරයේ ඇතිවෙනවා. ඒ ක්ෂේත්‍රය නිසා අ​පේ ගෘහස්ථ විදුලි පරිපථයේ එක් එක් තැන්වල ධාරා​ව ප්‍රේරණ​ය වෙන්න ගන්නවා. ඉතින් CEB (Ceylon Eletric Board) එකෙන් දිපු ධාරවට මේ ප්‍රේරණ​ය වෙන ධාරාව ගලා ඒමෙදී voltage unbalance වීමක් සිදුවෙනවා. ඔන්න ඔය Voltage Unbalance විම නිසා තමයි අකුණු කොටද්දි RCCB එක Off වෙන්නෙ.

සමහරු RCCB එක තිබෙන නිසා අකුණු අවස්ථාවලදී වැඩි සැලකිල්ලක් නැතිව විදුලි උපකරණ භාවිතා කරනවා. ඒක සම්පූර්ණ වැරදි වැඩක් වගේම අපිට හරියටම කියන්න බෑ අකුණ ගහන්න කලින් මේ RCCB එක Off වෙයිද, අකුණ ගැහුවට පසුව Off වෙයිද කියලා. ඒ කෙසේ වෙතත් අකුණක් ගැහුවත් RCCB එක Off තත්වය තිබුනත් අකුණකට හැකියාව තිබෙනවා නිසි ප්‍රමිතියකින් තොර Switch Board එක​ක කුමන හෝ තැනකින් ධාරව පන්නගෙන ගිහින් ඔබේ විදුලි භාණ්ඩවලට හානි සිදුකරන්න. ඒකට හොදම දේ තමා වෙළඳපොලේ ඇති ලාබ බාල බඩු භාවිත නොකර ඉන්න එක. ​ඒ වගේම තිබෙන විදුලි උපකරන සේරම Plug  වලින් ගැලවා තිබීමත් වඩා යහපත් බව කිව යුතුයි.

මේ යට තියෙන ටිකනම් හොඳින් කියවලා ඔලුවට දාගන්​න?

කිලෝමීටර් ගානක් ඉහල අහසේ ඉදන් වායුගෝලය හරහා තත්පරයටත් අඩු කාලයකින් පොලවට එන අකුණක් ට්‍රිප් ස්විච් එකේ තියෙන මිලි තත්පර එකක විතර පරතරේ හරහා යෑමේ සම්භාවිතාව බොහොම අඩු එකක් උන​ත් ට්‍රිප් එක Off වෙන්න නෙමේ, වොට් මිලියන ගානක් අරගෙන පොළවට කිඳාබහින අකුණක් හරියට වැදුනොත් ඔයාලා මේ කියන ට්‍රිප් ස්විච් එක එහෙමත් නැතිනම් RCCB එක තිබුනේ කොහෙද කියලා හොයන්නවත් නැතිවෙනවා.

අකුණු ගැසීමකින් අනතුරුට පත් වූ නිවසක ට්‍රිප් ස්විච් එක සහ බ්‍රේකර්ස් උණු වී විනාශ වී ඇති ආකාර​ය

දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ අකුණු ගැහුවා කියලා ඕවා Off වෙන්නෙ නැති බව. ඒක නිසා මෙ වගෙ වෙලාවන් වල විදුලි උපකරණ භාවිතයෙන් කරන ක්‍රියාකාරකම් වලි​න් පුළුවන් තරම් ඈත්වෙලා ඉන්න එකයි නුවණට හුරු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara