Magisk කියන්නේ මොකක්ද?

Magisk කියන්නේ මොකක්ද?

මොකක්ද මේ Magisk කියන්නෙ? හිතන්න අපිට ෆොන් එක රූට් කරගන්න ඕනේ කියලා. ඒත් රූට් කරන්න බෑ සමහර බෑන්ක් ඇප්ස්, Google Pay වගේ ඇප්ස් ෆෝන් එක රූට් කරලා කියලා ඩිටෙක්ට් කරගන්නවා. ඒක වෙන්නෙ Google SafetyNet කියන එක නිසා. අන්න එහෙම උනාම තමා Magisk තියෙන්නෙ කෙටියෙන්නම් කිව්වොත් මේකෙන් වෙන්නෙ සිස්ටම් එකට නොකියා සිසටම් එක මොඩිෆයි වීමක්.

මෙතනදි වෙන්නෙ සිස්ටම් ෆයිල් එක මොඩිෆයි නොවී, මොඩිෆිකෙශන් එක Magisk ස්ටෝර් කරගන්නවා. බූට් පාර්ටිශන් එකේ එතකොට රූට් අවශ්‍ය ඇප් වලට ඕනේ වෙලාවට රූට් පර්මිශන් දෙන්නයි ඕනේ නැති ඒවට සිස්ටම් එක රූට් කරලා නෑ කියලා පෙන්නනයි මේක වටිනවා

Magisk vs SuperSU

Magisk එන්න කලිං අපිට ඉදියේ SuperSuනේ. ඉතිං මේ දෙකම ඉතින් එක වගේ ඒ උනාට වෙනස්කම වෙන්නෙ සිස්ටම් සහ සිස්ටම්ලස් වලදි තමා. SuperSu හොදට වැඩ කලා ගූගල්ලා ඒගොල්ලන්ගේ සෙකියුරිටි තර කරන්න කලිං, SuperSu සිස්ටම් ෆයිල් එක වෙනස් කරලා අලුත් ෆයිල් ඇඩ් කරන නිසා ගූගල් පේයි වගේ දේවල් අපිට යුස් කරන්න බෑ ඒ උනාට Magisk වලදි අපිට එහෙම ප්‍රශ්නයක් එන්නෑ

කොහොමද Magisk ඩවුන්ලොඩ් කරගන්නෙ

Android 5.0 හෝ ඊට වැඩි ඩිවයිස් එකක් ඕනේ වෙනවා

ඩවුන්ලොඩ් කරගන්න තියෙනවා Magisk xda forum එකේ මෙතන තියෙනවා අලුත් අප්ඩෙට්ස් වල ඩිටේල්ස් සහ අලුත් ඉම්පෘව්මන්ට්ස් ගැනත්

Magisk Forum on XDA Developers
Magisk

කොහොමද Magisk යුස් කරගන්නේ

මේක යුස් කරන්න හරි ලේසි මෙකෙන් මූලිකවම වෙන්නෙ App modules මැනෙජ් කරන එකයි. ඇප් එකේම තියෙනවා modules කිහිපයකුත් තව ඕනේ නම් xda එකෙන් ගන්නත් පුළුවන්

මේකේ කී ෆීචර් එකක් තමා රූට් හයිඩ් කරන එක උදාහරණයකට ගන්න pokemon go ඇප් එක රූටඩ් ඩිවයිසස් වල වැඩ කරන්නෑ ඒ උනාට Magisk වලට පුළුවන් මේ ඇප් එකෙන් රූට් හයිඩ් කරන්න ඒක තමා මේකේ තියෙනව වැදගත්තම දෙයක් වෙන්නෙ

Magisk modules ගැන කතා කරපු නිසා අපි modules කිහියපක් ගැනත් බලමු

  • Dolby Atoms
  • Xposed Framework
  • Google Framework

මේ වගේ තව modules ගොඩක් තියෙනවා ඒ නිසා යුස් කරලා බලන්න

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara