Linux යනු? (Linux 01)

Linux යනු? (Linux 01)

21 වන සියවස යනු තාක්ෂණය සමඟ ලෝකය ගමන් කරන සියවසයි. ඉතින් ඒ සඳහා පරිඝණකය කියන උපකරණය අපිට නැතිවම බැරි උපකරණයකි. පරිඝණකය කියූ සැනින් මතක් වන අනික් දේ තමයි operating system. OS යනු පරිඝණකයක hardware සහ software අතර අවශ්‍ය සම්බන්ධතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මෘදුකාංගයයි.

OS ගත් කල ලෝකයේ පරිගනක වල භාවිතාවන ප්‍රධානතම OS  වර්ග කිහිපයකි ඒ අතර windows, mac, Linux මෙහෙයුම් පද්ධති හදුන්වන්න පුලුවන්.
අපි බලමු Linux මෙහෙයුම් පද්ධති ගැන,

1969 දෙසැම්බර් මස 26 වන දින උපත ලැබූ Linus Torvalds නැමැති පරිගනක ඉන්ජිනේරු වරයා විසින් මුලින්ම Linux kernel ය නිපදවන ලදී සියලුම Linux os මෙම Linux kernel එක මත පදනම්ව නිවදවා ඇත.

දැනට ලෝකයේ Linux kernel භාවිතයෙන් නිපදවා ඇති මෙහෙයුම් පද්ධති ලෙස ubuntu, fedora, RedHat, BodhiLinux, Debain,CentOS ලෙස හදුනා ගත හැක. මෙම මෙහෙයුම් පද්දති Linux distribution නමින්ද හදුන්වනු ලබනවා.
ඒ වගේම ලංකාවේ අප සදහාද Linux මෙහෙයුම් පද්දති නිර්මානය කර තිබෙනවා ඒවා නම් සහළාන Linux හා හන්තාන Linux යන මෙහෙයුම් පද්දතින්ය.

ඉතින් මෙම Linux OS පල ඇති ප්‍රදානතම විශේෂත්වය තමයි මෙම මෙහෙයුම් පද්ධති open source මෙහෙයුම් පද්දති වීමයි එනම් මෙම මෙහෙයුම් පද්දතිය අපට අවශ්‍ය ආකාරයට නිර්මානය කරගැනිමට හැකියාව පවතිනවා. ඒ වගේම මෙය අපගේ පරිගනකය නොමිලේම ලබා ගැනීමටද පුලුවනි.

ඊලග පෝස්ට් එකෙන් බලමු Linux  වල ඇතිවාසි අවාසි ගැන.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna