නොමිලේ ලබාදෙන $200,000ක පමණ වටිනාකමක් ඇති GitHub Student Developer Pack කියන්නේ මොකක්ද?

අද අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ GitHub Student Developer Pack කියන්නේ කියල.

නොමිලේ ලබාදෙන $200,000ක පමණ වටිනාකමක් ඇති GitHub Student Developer Pack කියන්නේ මොකක්ද?

අද අපි කතා කරන්න යන්නේ මොකක්ද මේ GitHub Student Developer Pack කියන්නේ කියල.

GitHub කියන්නේ කවුරුත් දන්න විදියට කිව්වොත් ප්‍රධාන වශයෙන් මෘදුකාංගයක් නිර්මාණය කරන විට එහි Version Control කිරීමට හා කිහිපදෙනෙකුට එකවර එකම මෘදුකාංගය නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙන තැනක්.

ඉතින් මේ GitHub වෙබ් අඩවිය විශ්වවිද්‍යාල ලමුන් සහ ගුරුවරු, පාසල් සහ විශ්වවිද්‍යාල සදහා විශේෂයෙන්ම ඉගෙනගැනීමට හා ඉගැන්වීමට ලබා දීපු Features ටිකක් තමයි මේ GitHub Student Developer Pack කියන්නේ.

මෙහි Student Benefits මගින් සිසුන්ට වැදගත් වෙන Benefits විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්. එසේම මෙය ලබාගත හැක්කේ විශ්වවිද්‍යාල ID එකට පමණයි. ඒ වගේම මේක ලබාගන්න පුලුවන් එක් ID එකකට එකක් පමණයි. මෙහි තිබෙන Teachers Benefits වලින් GitHub Classroom, GitHub Teacher Toolbox වැනි ගුරුවරුන්ට ලබාගත හැකි බොහොමයක් වටිනා Features රැසක් ලබාදී තිබෙනවා.

ඒ වගේම මේ Developer Pack එක ගන්න අයට වැදගත් දේවල් බොහොමයක් නොමිලේ සහ විශේෂ වට්ටම් යටතේ ගන්න පුලුවන්. පහත සදහන් කරල තියෙන්නේ එයින් කිහිපයක් පමණයි.

  • Free GitHub Pro
  • Microsoft Azure cloud services - Free access to 25+ Microsoft Azure cloud services plus $100 in Azure credit.
  • IntelliJ IDEA, PyCharm, and more - A free subscription for students, to be renewed annually.
  • Free license for Bootstrap Studio.
  • Unity Student Plan free.
  • MongoDB - $200 in MongoDB Atlas Credits, plus access to MongoDB Compass and MongoDB University.
  • Mailgun - 20,000 free emails and 100 free email validations each month for up to 12 months.

එහෙනම් තවත් මේ වගේ වැදගත් ලිපියකින් හමුවෙමු. සුභ දවසක්.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara