ඉලෙක්ට්‍රොණික උපාංග එක්සත් කළ Bluetooth ගැන අපි නොදන්නා කරුණු

ඉලෙක්ට්‍රොණික උපාංග එක්සත් කළ Bluetooth ගැන අපි නොදන්නා කරුණු

අද වන විට Bluetooth තාක්ෂණය ගැන නොදන්නා අයෙක් සොයාගැනීමට අපහසුයි. ඒ තරමට මෙම තාක්ෂණය ප්‍රචලිත වී අවසන්. එදිනෙදා වැඩ පහසු කිරීමට Bluetooth තාක්ෂණය බොහෝ විට යොදා ගනී. ඉතින් ඔබ දන්නා Bluetooth ගැන නොදත් කරුණු ටිකක් අද දැන ගමු.

අදින් 25 අවුරුද්දකට කලින් Ericsson සමාගමට වැඩ කළ ජෑප් හාට්සන් සමග ස්වෙන් මැටිසන් අලුත් සන්නීවේදන තාක්ෂණයක් සොයා ගත්හ. එය MC (Multi Communicator Link) ලෙස නම් කෙරුණි. එමගින් UHF තරංග ඇසුරෙන් කෙටි දුරකට දත්ත සන්නිවේදනය කළ හැකියි. මෙම තාක්ෂණයට Bluetooth ලෙස නම් කිරීමටත් හේතුවක් සහිතයි.

අතීතයේ ඩෙන්මාර්ක් හී හෙරල්ඩ් බ්ලූටූත් නම් රජ කෙනෙක්, සතුරන් වී සිටි ඩෙන්මාර්ක් ගෝත්‍රික කණ්ඩායම් එක්සත් කොට පාලනය කළේය. මෙම තාක්ෂණය සොයා ගැනුනේ එම ගෝත්‍රිකයන් එක්සත් වූ ප්‍රදේශයේ පිහිටි විද්‍යාගාරයකදීය. හෙරල්ඩ් බ්ලූටූත් රජු ගෝත්‍රිකයන් එක්සත් කළාක් මෙන් මෙම තාක්ෂණය ඉලෙක්ට්‍රොණික උපාංග ගණනාවක් “එක්සත් ” කළ නිසා මෙම තාක්ෂණය Bluetooth ලෙස නම් කෙරුණි.

Bluetooth අඩු බල ශක්තියකින් වැඩ ගත හැකි සන්නීවේදන තාක්ෂණයකි. Bluetooth මගින් ජංගම දුරකතන, පරිගණක,ලැප්ටොප්,ඩිජිටල් කැමරා,හැන්ඩ්ස් ෆ්‍රී, ස්පීකර්,ගේම් කොන්සොල් වැනි උපකරණ දෙකක් අතර දත්ත හුවමාරු කිරීමට හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඉලෙක්ට්‍රෝනික උපාංග ගණනාවක් අතර එකවර කිසිදු පැටලීමක් තොරව කටහඩ වැනි දත්ත හුවමාරු කිරීමට හැකි වීමයි. මෙසේ දත්ත හුවමාරුවේදී උපාංග අතර බාධක තිබුනද එය සන්නීවේදනයට ගැටළුවක් නොවේ.

මෙහි සන්නිවේදන කලාපය මීටර 100 දක්වා පරාසයක් විහිදී ඇත. එහි  මීටර 60ක් ඇතුලත සාර්ථකව සන්නීවේදන කළ හැක. Bluetooth තාක්ෂනයේ දැනට versions ගණනාවකි. එනම් Bluetooth 1.0, Bluetooth 2.0, Bluetooth 3.0, Bluetooth 4.0, සහ Bluetooth 5.0  මෙවායේ එකින් එකට දත්ත හුවමාරු වන වේගය වෙනස් වේ. Bluetooth 4.0 හි සිට බැටරි බලය ඉතිරි කරන LE (low energy) නම් උපක්‍රමයක් භාවිතා විය. එය ඉන් පසු භාවිතයට පැමිණෙන versions වලටද සාර්ථකව යොදා ගනිමින් දියුණු වේ.

Bluetooth තාක්ෂණය භාවිතා කරන අයෙකු වටා ගොඩ නැගෙන රෙඩියෝ තරංග ජාලය ඒ පුද්ගලයාට හානි කර වන්නේ නැත. ඒ මෙහිදී යොදා ගන්නේ දුර්වල රේඩියෝ තරංග නිසාවෙනි .එසේම මෙම Bluetooth තාක්ෂනය ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූළ වේ. එය IEEE (Institute of Electronical and Electronics Engineering) නියමන්ට අනුව ගොඩනැගෙමින් දියුණු වේ.

කෙසේ නමුත් Bluetoothහි නව සංස්කරණ හදුන්වා දීමද එහි සිදුවන වෙනස්කම්ද භාරව සිටින්නේ “Bluetooth SIG“ ආයතනයයි. මෙය පිහිටුවන ලද්දේ 1998 දී Ericson, IBM, Intel, Toshiba, Nokia යන සමාගම් වල එකතුවෙනි. මෙම සමාගම පුද්ගලික සමාගම් වල අරමුදල් වලින් පවත්වාගෙන යනු ලබන ලාබ නොලබන ආයතනයකි.

ඉදිරි අනාගතයේදී Bluetooth තාක්ෂණය තවත් දියුණු වෙන තාක්ෂණයක් හැරෙන්න, එය කෙදිනක හෝ යල් පැන යන තාක්ෂණයක් වේ යැයි සිතීමට පවා අපහසුයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara