Titanic නෞකාවේ සුන්බුන් බැලීමට ගිය Titan සබ්මැරීනයට මොකද වුණේ?

Titan සබ්මැරීනයේ නිර්මාතෘ, ප්‍රකෝටිපතියෙක්, ගිනස් ලෝක වාර්තා හිමියෙක්, පියෙක් සහ ඔහුගේ පුතෙක් ඇතුලු මගීන් පස් දෙනෙකු සමග Titanic සුන්බුන් බැලීමට ගිය Titan නැමැති කුඩා ප්‍රමාණයෙ සබ්මැරීන් එක මේ වන විටත් අත්ලාන්තික් මුහුදු පතුලේ අතුරුදහන් වී ඇති බව ඔබ සැම දන්නා බව නිසකයි.

Titanic නෞකාවේ සුන්බුන් බැලීමට ගිය Titan සබ්මැරීනයට මොකද වුණේ?

Titan සබ්මැරීනයේ නිර්මාතෘ, ප්‍රකෝටිපතියෙක්, ගිනස් ලෝක වාර්තා හිමියෙක්, පියෙක් සහ ඔහුගේ පුතෙක් ඇතුලු මගීන් පස් දෙනෙකු සමග Titanic සුන්බුන් බැලීමට ගිය Titan නැමැති කුඩා ප්‍රමාණයෙ සබ්මැරීන් එක මේ වන විටත් අත්ලාන්තික් මුහුදු පතුලේ අතුරුදහන් වී ඇති බව ඔබ සැම දන්නා බව නිසකයි.

මෙ සිද්ධිය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න කලින් අපි බලමු මේ කුඩා ප්‍රමාණයේ සබ්මැරීන් එක ගැන.

Image Source - BBC

මේ Pressure Vessel එක සෑදීම සඳහා Material ලෙස යොදා ගෙන ඇත්තේ Carbon Fiber සහ Titanium ලෝහයයි.

මේකේ Dimensions ගත්තොත් 670cm x 280cm x 250cm   (22ft x 9.2ft x 8.3ft high) වන අතර මෙහි බර 10,432 kg එහෙමත් නැතිනම් රාත්තල් 23,000 පමණ වනවා.

මෙයට ගමන් කළ හැකි උපරිම Depth එක ලෙස සැලකෙන්නේ මීටර් 4,000ක් එහෙමත් නැතිනම් අඩි 13,123 පමණ වනවා.

Image Source - BBC

මෙහි රැගෙන යා හැකි උපරිම Payload එක 685 Kg නැතිනම් රාත්තල් 1,510 lbs වන අතර Capacity එක පුද්ගලයන් 5 දෙනෙකු පමණ (1 pilot + 4 crew) වනවා.

Life Support එක ගත්තොත් මෙහි වැඩුන පුද්ගලයන් පස් දෙනෙකු සඳහා පැය 96ක කාලයක් සඳහා අවශ්‍ය වන Oxygen සැපයුමක් අඩංගු වනවා. නමුත් අඩි 13,000ක පමණ ගැඹුරක තිබෙන පරිසර තත්වයන් යටතේ මෙය වෙනස් වෙන්න පුළුවන්.

මෙහි Propulsion System එක ලෙස භාවිතා කරන්නේ Innerspace 1002 Electric Thrusters හතරක් වනවා.

මේ සබ්මැරීන් එකෙ Integrated Technology එක ගැන අපි කතා කලොත් Sub C Imaging 4k Rayfin camera, Teledyne 2D sonar, 40,000 lumens of external light, 2G Robotics laser scanner, INS/USBL සහ Real Time Hull Health Monitoring Systemවලින් සමන්විත වනවා.

මේ Real Time Hull Health Monitoring System එක ගැන විශේෂ දෙයක් කිව යුතුයි. ඒ තමා Titanic නැවේ සුන්බුන් තැන්පත් වෙලා තියෙන මීටර් 4000ක්, එහෙමත් නැතිනම් අඩි 13,123 කියන ගැඹුරේදී තිබෙන පීඩනය. මේ ගැඹුරේදී පීඩනය එක සාමාන්‍ය වායුගෝලීය පීඩනය වගේ 400 ගුණයකට වඩා වැඩි වනවා. ඒ කියන්නේ මේ ගැඹුරේදී තියෙන පීඩනය 6000 PSI, එහෙමත් නැතිනම් 413.685 bars පමණ වනවා. මේ පීඩනය හරියටම හොඳින් වැඩුන අලි 35ක් එකවර ඔයාගෙ ඇග මත තියනවා වගේ කියලා සරලව ⁣දක්වන්න පුලුවන්.

මේ වගෙ විශාල පීඩනයකදී මේ සබ්මැරීන් එකෙ Hull එකට වෙන්න පුළුවන් හානිය පිලිබඳ ප්‍රතිශතය ඉතාමත් විශාල අගයක් ගන්නවා. 6000 PSI වගෙ විශාල පීඩනයකින් වෙන්ඩ පුළුවන් හානිය Monitor කරන්න තමා Real Time Hull Health Monitoring System එක තියෙන්නෙ. සබ්මැරීන් එකේ Hull එක මත ඇති වන කුඩාම හෝ Dammge එකක් මේ මගින් හදුනා ගන්න පුලුවන් අතරම එලෙස හදුනා ගත් පසු ක්ෂණිකවම සබ්මැරීන් එක Submerge වෙන එක නවත්වා ගන්න පුළුවන්.


මේ ඔස්සේ මේ සබ්මැරීන් එකේ තාක්ෂණික පැත්ත පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබ සියලු දෙනාට ලැබෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වනවා. දැන් අපි අපේ ප්‍රධාන මාතෘකාව ගැන කතා කරමු.

ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා 2023 June 18 වෙනිදා OceanGate Expeditions සමාගමට අයිති Titan නැමැති සබ්මැරීනය මගීන් පස් දෙනෙකු මුහුදු පතුලට රැගෙන ගොස් තිබෙනවා. සබ්මැරීන් එක ජලය තුළට ගමන් කර පැය 1 යි මිනිත්තු 45 කට පසු මුහුද මතුපිට තිබුන නැව් කාර්ය මණ්ඩලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතා සම්පූර්ණ වශයෙන් ගිලිහි යනවා. එතැන පටන් මේ වෙනකන් මේ සබ්මැරීන් එකේ ගිය මගීන්ට සිදුවුයෙ කුමක්ද, ඔවුන් තාම ජීවතුන් අතර ද කියන එක තවමත් ලොවටම ප්‍රශ්නයක්.

මේ අනතුර වෙන්න ඇතැයි සැක පල කරන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා.

01. Battery or Equipment failure

සාමාන්‍යයෙන් Military මට්ටමෙ සබ්මැරීන් එකක් ගත්තාම ඒයට Power එක සැපයීම සඳහා Nuclear reactor එකක් තිබෙනවා අපිට බලාගන්න පුළුවන්. නමුත් මේ Titan සබ්මැරීන් එක බල ගැන්වෙන්නේ කුඩා ප්‍රමාණයේ Battery pack කිහිපයක් මගිනුයි. Heating system, Communications, Lights, Propulsion system එක සහ Navigating system එක වැඩ කරන්න අවශ්‍ය කරන සියලුම බලය සැපයෙන්නේ මේ Battery Pack එක මගිනුයි.

නමුත් යම්කිසි Catastrophic failure එකක් වෙලා නම් මේ සබ්මැරීන් එකේ පාලනය නියමුවාගෙන් ගිලිහි ගොස් අත්ලාන්තික් සාගරයේ පත්ලට මේ සබ්මැරීන් එක කිඳා බසිනවා. විශේෂඥයන් කියන විදිහට Heating System එක වැඩ නැති නිසා මේ වගෙ ගැඹුරක ජලයෙහි ඇති අධික සීතල නිසා Oxygen අහිමි වීමෙන් මිය යනවට වඩා ඉක්මනින් On board Crew එක මිය යන්න පුළුවන් බව දක්වන්න පුලුවන්.

02. Trapped in fishing net

Fishing industry එකෙදි භාවිතා වන Fishing nets මුහුදු පතුලේ බහුලවම දැක ගන්න පුළුවන් දෙයක්. මේ වගෙ කුඩා සබ්මැරීන් එකක් මෙවැනි Fishing net එකක පැටලුනොත් නැවත ගොඩ ඒම සෑහෙන අපහසුයි. 2005 වසරේදිත් කුඩා ප්‍රමාණයේ Russian සබ්මැරීන් එකක් Propellers Fishing net එකක පැටලිලා Propulsion system එකෙ ඇතිවුන Failure එකක් නිසා මුහුදු පත්ලෙ හිරඋනා. පසුව British under water drone එකක් මගින් මේ Net එක කපා ඉවත් කිරීමෙන් පසු තමා මෙ කුඩා ප්‍රමාණයයේ සබ්මැරීන් එක නැවත ගොඩ ගත්තේ.

නමුත් මේ Sub එක හිරවෙලා තිබුනේ ඉතාමත් කුඩා අඩි ප්‍රමාණයක ගැඹුරකයි. නමුත් අපි කතා කරන මේ Titan සබ්මැරීන් එක හිර වෙලා තියෙන්නේ අඩි 13,000කට වැඩි ගැඹුරකයි. මෙවැනි ගැඹුරකට ලඟාවීමත් අතීශය දුශ්කර කාර්යයක්. කෙසේ වෙතත් එලෙස ලඟා වීමට හෝ මුලින්ම මේ සබ්මැරීන් එක තිබෙන තැන සොයා ගත්ත යුතුයි. නමුත් දැනට ලොව තිබෙන හොදම Sonar එක වන Sonar 2076 යොදා ගෙන මෙය තිබෙන තැන සොයා ගත්තත් මේ සබ්මැරීන් එක විසින්ම තමයි නැවත් මුහුද මතුපිටට පැමිණිය යුතු වන්නේ.

මොකද මෙවැනි ගැඹුරකදි තිබෙන Presure එකත් එක්ක Crew එක වෙනත් සබ්මැරීන් එකකට මාරු කරනවා කියන්නේ හිතන තරම් ප්‍රායෝගික දෙයක් නෙමෙයි.

03. Haull Failure

Real Time Hull Health Monitoring System එක මගින් Presure එක නිතරම Monitor කරත් අඩි 13,000 වගේ ගැඹුරක තිබෙන පීඩනය මගින් Hull එකෙ Wall එක බිඳ දමා Crew එක මරනයට පත් කර Sub එක මුහුදු පත්ලට ගිල්වා ඇති බවටද සමහරකු සැක පළකරනවා.

නමුත් මේ මතය අපිට යම් කිසි වශයෙන් බැහැර කරන්න වෙනවා. එයට හේතුව වන්නේ Canadian P-3 Air craft එකකින් Under water noise වගයක් Detecte කර ගෙන තිබීම නිසයි. ඔවුන් පවසන අකාරයට මෙය Sub එකෙ Crew එක මගින් ඇති කළ ශබ්දයක් ලෙස සැලකීමේ හැකියාව තිබෙනවා.

Image Source - BBC

දැන් ඔයාලට හිතෙන්න පුළුවන් උඩින් යන ගුවන් යානයක් කොහොමද මුහුදේ ශබ්ද අඳුර ගන්නේ කියලා. මේ වැඩේට එකම වගේ ක්‍රම දෙකක් භාවිත වනවා.

  1. Passive detection
  2. Active detection

Passive Detection ක්‍රියාත්මක වන්නේ මුහුදට උඩින් පියාසර කරන Aircraft එකක් මගින් මුහුදට Sonobuoy Drop කිරීම ඔස්සේයි. හරියට මෙය බොයාවක් වගේ මුහුදු මතුපිට පාවෙන ඇන්ටනා හා මුහුදු පත්ල දෙසට කොටස් කිහිපයකින් සමන්විතයි. ඉන්පසු ඒවා මගින් මුහුදු පත්ලෙන් එන Propellers, Machinery හා අනෙකුත් සියළුම ආකාරයේ ශබ්ද වර්ග ලබා ගන්නවා.

Active Detectionවලදී මුහුදු මතුපිට පාවෙන ඇන්ටනා කොටස සමඟ මුහුද පත්ලට විහිදෙන වියන වගේ කොටසකින් ද සමන්විත වනවා. මේ මගින් ලබා ගන්නා සියලුම දත්ත Detected vesel එක වෙත ලබා දෙනවා. මේවා ගැන සම්පූර්ණ විස්තරයක් වෙනම ලිපියක් ඔස්සේ ගෙන එන්නම්.

04. On board fire

මේ සබ්මැරීන් එක සෑදීම සඳහා යොදා ගෙන ඇති සමහර කොටස් Home Made ඒවා වීම නිසා ඒවායේ ආරක්ෂාව හා ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් පැන නැගි තියෙනවා. Eletrical system එකෙ ඇතිවුන යම්කිසි Failure එකක් නිසා සබ්මැරීන් එක තුල ගින්නක් ඇතිවි ගමන් කළ Crew එක මරනයට පත්වී ඇතියි ද  සමහරැන් සැක පළ කරනවා.

නමුත් මේ මතයත් අපිට යම් කිසි අකාරයකින් බැහැර කරන්න වෙනවා. ඒ කලින් වගේම Canadian P-3 Air craft එකකින් Under water noise වගයක් Detecte කර ගෙන තිබෙන නිසයි. On board fire එකක් නිසා Crew එක පිලිස්සි මිය ගියානම් හඬ නැන්විමෙ හැකියාවක් පවතින්නෙ නෑ.

Image Source - BBC

සාමාන්‍ය මනුෂ්‍යයකු දවසකට Oxygen ලීටර් 660 ප්‍රමාණයක් අවශ්‍ය වනවා. මෙහි සිටින පුද්ගලයන් පස් දෙනා සඳහා දළ වශයෙන් Oxygen ලීටර් 3300ක් දිනකට අවශ්‍ය වනවා. ඒ වගේම මේ සබ්මැරීනය දියත් කරන අවස්ථාව වන විට පැය 96කට ප්‍රමාණවත් ලෙස Oxygen පැවති බව සඳහන් වනවා අතර මේ වන විට Oxygen ඉතිරිව ඇත්තේ ඉතාමත් සීමිත පැය ගණනක් සඳහා බවත් ඔබටම තේරෙනව ඇති. ඉතින් දැන් ඔයාලටම තේරෙනවා ඇති ඉතිරි වී ඇති Oxygen level එකත් සමග මෙතන Survive වීමේ Chance එක ලෙස පවතින්නෙ 1%ටත් වඩා අඩු ප්‍රතිශයක් කියලා.


කොහොම නමුත් Titan සබ්මැරීනය සහ පුද්ගලයන් පස් දෙනා බේරගන්න පුළුවන් උනොත් මෙය ලොව විශිෂ්ඨතම ගලවා ගැනිමේ මෙහෙයුම්වලින් එකත් වන බව නිසකයි. සිනමා ඉතිහාසයේ Titanic වැනි Ocean disaster යන මාතෲකාව යටතේ ලියවුන තවත් විශිෂ්ටතම සිනමා නිර්මාණයක් අනිවාර්යෙන් බිහිවෙවි කියලාත් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ 1% Chance, 99% Faith කියලා විතරයි.

Source: bbc.comCover Image Source: BBC

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth