මොකක්ද මේ VTOL ගුවන් යානා කියන්නෙ?

මොකක්ද මේ VTOL ගුවන් යානා කියන්නෙ?

අද කියන්න යන්නෙ Avatar 2009 Movie එකෙ අපිට හමුවන VTOL නම් එයාක්‍රාෆ්ට් එක ගැන එහෙමත් නැත්නම් බැට්ල්ශිප් එක ගැන පොඩි හඳුන්වා දීමක්.

Vertical Take-Off & Landing (VTOL) මේ තමයි ඒකේ ඉංග්‍රීසි දිගහැරුම.ඒ නිසා අපි මේකට සිංහලෙන් කියමු (සිරස් අතට ගුවන් ගතවීම සහ ගොඩබෑමේ  ගුවන් යානය) කියලා.

ඒ විදිහට අදහස් කලේ සාමාන්‍යයෙන් ගුවන් යානා ගමන් කරන්නේ තිරස් අතට නේ අමතුවෙන් කියන්න ඕනෙ නෑනේ ඒ ගැන.

USS Boxer. Image: YouTube

මේ යානයට හරියට හෙලිකොප්ටර් වගේ තිරස් අතට හා සිරස් අතට ගමන් කිරීම සහ ගොඩ බෑමේ හැකියාව තියෙනවා.

(මතකද Avengers, Godzilla, Avatar වගේ ෆිල්ම් වල මේක හොඳින් දැක ගන්න පුලුවන්)

VTOL Concept යානා යොදාගත් සිනමා පට. Image: ExtremeTech

VTOL වැනි ස්ථාවර පියාපත් සහිත ගුවන් යානා මෙන්ම හෙලිකොප්ටර් සහ Cyclogyros / Cyclocopter සහ Tiltrotors වැනි බලයෙන් ක්‍රියාකරන භ්‍රමක (එන්ජින්) මෙය සතු වෙනවා. එම නිසාම මෙයට පියාසර කළ හැකි ගුවන් පරාසය හා ගෙනයාමේ ද්‍රව්‍ය ප්‍රමාණය (බර) සැලකිය යුතු ලෙස වැඩි.

මෙවන් වෙනත් ගුවන් යානාද පවතී.

  1. Conventional Take-Off & Landing (CTOL)
    (සාම්ප්‍රදායික ගුවන් ගත කිරීම සහ ගොඩබෑම)
  2. Short Take-Off & Landing (STOL)
    (කෙටි ගුවන් ගත කිරීම සහ ගොඩබෑම)
  3. Short Take-Off & Vertical Landing (STOVL) (කෙටි ගුවන් ගත කිරීම් සහ සිරස් ගොඩබෑම)
  4. Electric and hybrid-electric vertical takeoff and landing aircraft (eVTOL) හෙවත් විද්‍යුත් හා දෙමුහුන් සිරස් ගුවන්ගත කිරීම් සහ ගොඩබෑමේ ගුවන් යානා.
AV 8B Harrier. Image: milavia.net

දැනට හමුදා සේවයේ VTOL ගුවන් යානා වර්ග තුනක් තියෙනවා, Bell Boeing V-22 Osprey වැනි Tiltrotor, Harrier පවුලේ නවීන  F-35B Lightning II  සහා Av 8B Harrier ජෙට් යානය තමයි දැනට තියෙන්නෙ.

සාමාන්‍යයෙන් දැනට Vertical Take-Off වර්ගෙට ඇත්තේ හෙලිකොප්ටර් සහා ඉහත කී යානා තුන පමණයි.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara