සිංහල අක්ෂර වින්‍යාසය, වචනවල මූලික තේරුම් සහ නිරුක්තිය සොයා ගැනීම සඳහා හඳුන්වාදෙන දෙන නවතම වෙබ් අඩවිය

සිංහල අක්ෂර මගින් සන්නිවේදන කිරිමේදී වචනවල අක්ෂර වින්‍යාසය සහ වැරදි වචන යොදා ගැනිම තුළින් අප ප්‍රකාශ කරනු ලබන කරුණ මුලුමනින්ම වෙනස් වී යාමේ ඉඩ තිබෙනවා. මෙම ගැටලුවලට විසදුමක් ලෙස sinhalaspelling.dictionary.gov.lk නම් වෙබ් අඩවියක් හදුන්වා දී තිබෙනවා.

සිංහල අක්ෂර වින්‍යාසය, වචනවල මූලික තේරුම් සහ නිරුක්තිය සොයා ගැනීම සඳහා හඳුන්වාදෙන දෙන නවතම වෙබ් අඩවිය

වර්තමානය වන විට සමාජ මාධ්‍ය තුළ මෙන්ම එදිනෙදා වැඩ කටයුතුවලදී ද ඉංග්‍රීසි අකුරු මඟින් සිංහල වචන සන්නිවේදනය (Singlish) මේ වෙන විට භාවිත නොවන තරම් වන අතර සිංහල අක්ෂරවලින්ම සන්නිවේදනය කිරීමේ හැකියාව අපට ලැබි තිබෙනවා.

ඉතින් මෙලෙස සිංහල අක්ෂර මඟින් සන්නිවේදන කිරීමේ දී අපට වචනවල අක්ෂර වින්‍යාසය සහ එම වචනවල නිවරැදි තේරුම් දැන ගැනීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. එලෙස වචනවල අක්ෂර වින්‍යාසය වැරදි ලෙස යොදා ගැනීම සහ වැරදි වචන යොදා ගැනීම තුළින් අප ප්‍රකාශ කරනු ලබන කරුණ මුලුමනින්ම වෙනස් වී යාමේ ඉඩ තිබෙනවා.

මෙම ගැටලුවලට විසදුමක් ලෙස සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය සහ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ තීක්ෂණ ආයතනයේ පූර්ණ දායකත්වයෙන් sinhalaspelling.dictionary.gov.lk නම් වෙබ් අඩවියක් හදුන්වා දී තිබෙනවා.

සරල පියවර කිහිපයකින් මෙම වෙබ් අඩවිය තුළ ලියාපදිංචි විම මගින් ඔබට සිංහල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කරගැනීමට, ඒවායේ මූලික තේරුම් හා නිරුක්තිය පරීක්ෂා කිරීමේ හැකියාව නොමිලයේ ලැබෙනවා. ඔබගේ ජංගම දුරකථනයෙන් හෝ පරිගණකය ඔස්සේ ඉහත වෙබ් අඩවියට පිවිසීම තුළින් මෙම සේවාව ලබා ගත හැකි වෙනවා.

Sources: dictionary.gov.lk theekshana.lk

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna