ලෝක ප්‍රසිද්ධ Tech Leaker කෙනෙක් වන Evan Blass විසින් Sony Xperia 5 II හි features හෙලි කරයි

ලෝක ප්‍රසිද්ධ Tech Leaker කෙනෙක් වන Evan Blass විසින් Sony Xperia 5 II හි features හෙලි කරයි

Sony Xperia 5 II සැප්තැම්බර් 17 වන දින Virtual Event එකක් මගින් මගින් නිකුත් කිරිමට සුදානම් වෙන බවට අපි ලිපියක් ඔබ වෙත ගෙන ආවා.

පසුගිය දිනක Leaker කෙනෙක් වෙන Evan Blass විසින් ඔහුගේ YouTube Channel එක හරහා නිකුත් කරන ලද Video එකකට අනුව මේ Smartphone එක සැප්තැම්බර් 17 නිකුත් කිරිමට සුදානම් බව තහවුරැ වෙනවා. ඒ වගේම මේ Video එක මගින් අපි පෙර ලිපියෙන් ඔබ වෙත ගෙන ආව Specifications තහවුරැ වෙනවා.

⁣මේ Video එකට අනුව Main Camera එක 24mm, 16mm හා 70mm lensesවලින් යුතු 35mm-Equivalent Focal Length Camerasවලින් සමන්විත වෙනවා. මේවා ƒ/1.7, ƒ/2.2, හා ƒ/2.4 යන Aperture අගයන්ගෙන් යුතු Lenses වෙනවා.

ඒ වගේම Real Time Eye Tracking Feature එක මිනිසුන් මෙන්ම සතුන් සදහාද ක්‍රියාත්මක වෙනවා. 20-frames-per-second burst Photos Capture කිරිමේ හැකියාව සමග හොද Low light Capability එකක් මේ Smartphone එකට ලබා දිලා තිබෙනවා. 4K Video Recording සමග 120fps Frame Rate එකකින් HDR Video Recording පහසුකම අඩංගු වෙනවා.

Xperia 5 II Smartphone එක සදහා Sony ආයතනය විසින් Headphone Jack එක ඇතුලත් කිරිම ඉතාම වැදගත් කරැණක් විදිහට කියන්න පුළුවන්. ඒ වගේම DSEE හා LDAC Audio Codesවලට ද මේ Smartphone එක හොදින් සහය දක්වනවා. මිට අමතරව මෙහි අඩංගු Front-Facing Stereo Speakers මගින් හොද Sound Quality එකක් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

Xperia 5 II හි Display Refresh Rate එක 120Hz ⁣වන අතර Sony ආයතනය විසින් Gaming Related Software Enhancement එකක් මගින් වඩා හොද Experience එකක් ලබා ගත හැකි වෙන පරිදි නිපදවා තිබෙන බව කියන්න පුළුවන්. ඒ වගේම මේක 4000mAh Battery එකකින් යුතු වෙනවා.

Sources :  Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara