ඔබේ සිම්පත නිසි පරිදි ඔබේ නමටම ලියාපදිංචි වී ඇතිදැයි පරීක්ෂා කරන මෙන් TRCSL වෙතින් නිවේදනය​ක්

ඔබේ සිම්පත නිසි පරිදි ඔබේ නමටම ලියාපදිංචි වී ඇතිදැයි පරීක්ෂා කරන මෙන් TRCSL වෙතින් නිවේදනය​ක්

ඔබ විසින් භාවිත කරන සියලුම සිම්පත් නිසි පරිදි ලියාපදිංචි කර ගත යුතු බවත්, ඔබගේ නමින් ඔබ භාවිත නොකරන සිම්පත් ලියාපදිංචි වි තිබේ දැයි පරික්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.

පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ මහත්මිය විසින් සඳහන් කර සිටියේ ඔබ විසින් දැනට භාවිත කරන සිම්පත් එම සමාගම්වල නිසි පරිදි ලියාපදිංචි වි ඇත්තැයි තහවුරු කර ගත යුතු බවත්, ඔබ දැනට භාවිත කරන සිම්පත් එලෙස නිසි පරිදි ලියාපදිංචි වි නොමැති නම් එම දුරකථන සේවා සපයන සමාගම් සමඟ සම්බන්ධ වි එම සිම්පත් ඔබගේ නමට නිසි පරිදි ලියාපදිංචි කර ගන්නා ලෙසත්, ඔබගේ නමින් ඔබ භාවිත නොකරන සිම්පත් ලියාපදිංචි වි තිබේ නම් එම දුරකථන සේවා සපයන සමාගම් සමඟ සම්බන්ද වි ඒවා විසන්දි කර ගැනිමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඒ අනුව පහසුවෙන්ම ඔබගේ ජංගම දුරකථනයෙන් #132# අමතා එම සිම්පත ඔබගේ නමින්, ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි තිබේ දැයි තොරතුරු ලබා ගත හැකි වනවා. එමෙන්ම ඒ ඔස්සේ ඔබගේ ජාතික හැදුනම්පත් අංකය ඔස්සේ ලියාපදිංචි කර ඇති අනෙක් සිම්පත් පිළිබඳවද ඔබට තොරතුරු ලබා ගත හැකියි.

ඔබගේ සිම්පතට අදාලව පවතින තොරතුරුවල යම් කිසි ගැටලුවක් පවති නම් අදාල දුරකථන සමාගම් සම්බන්ධ කර ගනිමින් එම ගැටලු විසදා ගැනිමේ හැකියාව පවතිනවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara