සාමාජිකයන් 5,000ක සීමාවක් සමග පැමිණෙන WhatsApp Announcement Groups

සාමාජිකයන් 5,000ක සීමාවක් සමග පැමිණෙන WhatsApp Announcement Groups

මේ වන විට ලොව පුරා මිලියන ගණනාවක් භාවිතා කරනු ලබන යෙදවුමක් වන WhatsApp සඳහා පසුගියදා WhatsApp Community විශේෂාංගය හඳුන්වා දෙනු ලැබීය. මෙහි ඉදිරි පියවරක් වශයෙන් WhatsApp වෙත Announcement Group එකක් හඳුන්වා දීම සඳහා Meta විසින් ක්‍රියාකර ඇති බව වාර්තා වේ.

Source: www.behance.com

WhatsApp Community භාවිතා කිරීමේදී එහි පරිශීලකයන් හට එකම ආකාරයේ පවතින Groups කිහිපයක් මෙම Community හරහා එකවර පරිශීලනය කළ හැක. මෙය Group එකක් නොවන නමුත් මෙය හරහා Community Creator හට එම Community එක හා සම්බන්ධ සියලුම Groups එකවර පාලනය කළ හැක. මෙය ඔබ මේ වන විට අත්විඳ ඇති Discord Server එකකට සමාන වේ.

පහත ඡායාරූපයෙන් මෙහි ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිවේ.

Source: www.behance.com
WhatsApp වෙතින් මේ පිළිබඳව විස්තර කෙරෙන වීඩියෝවක් YouTube සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණි.

මෙම Community එකක් යටතේ පවතින Group එකකට සම්බන්ධ වූ විට ඔබගේ දුරකථන අංකය අනෙක් සාමාජිකයන් හට නිරීක්ෂණය කළ හැකිවේ. එයට පිළියමක් වශයෙන් මෙම Announcement Group හඳුන්වා දී ඇති අතර එයට සම්බන්ධ වන සාමාජිකයන් සඳහා නිරීක්ෂණය කළ හැකි වන්නේ Admin ගේ දුරකථන අංකය පමණි. එසේම Admin සඳහා පමණක් Group එකෙහි සිටින සියලුම සාමාජිකයන් ගේ දුරකථන අංකයන් නිරීක්ෂණය කළ හැකිවේ.

මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ Community Group සමග සම්බන්ධ වීම සඳහා ඔබට අවස්ථාව ඇත.

Sources: wabetainfo.com nextbigwhat.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara