WhatsApp Groups සඳහා Voice Chat පහසුකම නුදුරේදීම

Meta සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන තවත් අලුත් පහසුකමක් ලෙස Group Voice Chats පහසුකම දැක්විය හැකි වනවා.

WhatsApp Groups සඳහා Voice Chat පහසුකම නුදුරේදීම

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


මෙලෙස නිකුත් කිරීමට සූදානම් වන තවත් අලුත් පහසුකමක් ලෙස Group Voice Chats පහසුකම දැක්විය හැකි වනවා.

Source: wabetainfo.com

Group Chat එක තුළට පිවිසුණ විට ඉහත Screenshot එකෙහි පරිදි Group Name එක ඉදිරියෙන් Wave From එකක Icon එකක් දිස්වනු ලබනවා. මේ ඔස්සේ Group Messages යැවීමට හැකියව ඇති ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක Voice Chat එකක් ආරම්භ කළ හැකි වනවා. Voice Chat එකක් ආරම්භ කළ පසු පැයක් පමණ ගතවන තුරු එහි කිසිවෙකුත් Connect නොවන්නේ නම් එම Voice Chat එක ස්වයංක්‍රීයවම අවසන් වනවා.

කෙසේ වෙතත්, මෙම Voice Chats සෑම Group එකක් සඳහාම භාවිතා කළ නොහැකි අතර සාමාජිකයන් ගණන 32ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින Groups සඳහා පමණක් භාවිතා කළ හැකි වනවා.

Group Voice Call එකකින් මේ පහසුකම වෙනස් වනුයේ Voice Call එක මෙන් මෙහි Ring වීමත් නොමැති වන අතර Voice Chat එකක් ආරම්භ වූයේ නම් සාමාන්‍ය ලෙස Notification එකක් මඟින් දැනුම් දීමක් සිදුවනවා. තවද Chat list එකෙහි Group Icon එක අසළින් Waveform Icon එකක් මඟින් ද දැනුම් දෙනු ලබනවා. මේ Voice Chats ද සාමාන්‍ය Call එකක් මෙන් End to End Encrypt කොට තිබෙනවා.


මේ පහසුකම මේ වන විට ලොව පුරා තෝරාගත් Beta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර ඉතා ඉක්මනින් Public Versions සඳහා මෙය බලාපොරොත්තු විය හැකි වනවා. ඉදිරියේදීත් මෙවැනිම වූ බොහෝ තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna