OriginOS එක නොවැම්බර් 18 වන දින නිකුත් කරන බවට Vivo සමාගම නිල වශයෙන් තහවුරු කරයි

Vivo සමාගම විසින් ඔවුන්ගේ OriginOS එක මේ මස 18 වන දින නිකුත් කිරිමට සුදානම් බව නිල වශයෙන් දන්වා තිබෙනවා.

OriginOS එක නොවැම්බර් 18 වන දින නිකුත් කරන බවට Vivo සමාගම නිල වශයෙන් තහවුරු කරයි

Vivo සමාගමේ Smartphoneවල OS එක වෙන Fun Touch OS එක OriginOS විදිහට Replace විමට නියමිත බවට තොරතුරු අපි කලින් ලිපියකින් ගෙන ආවා. මේ වන විට Vivo සමාගම විසින් ඔවුන්ගේ OriginOS එක මේ මස 18 වන දින නිකුත් කිරිමට සුදානම් බව නිල වශයෙන් දන්වා තිබෙනවා.

ඒ චිනයේ ෂෙන්සෙන් ( Shenzhen ) හි පැවැත්විමට නියමිත Special Event එක මගින්. මේ නව OS එක මගින් Vivo Smartphone Usersලාට නව්‍ය අත්දැකිමක් ලබා ගැනිමට හැකි වනු ඇති බවට ඔවුන් පවසනවා. ඒ වගේම Vivo සමාගම විසින් තම Usersලාට ඔවුන්ගේම OriginOS එක හෝ Stock Android OS එක තම අවශ්‍යතාවයට අනුව තෝරා ගැනිමටත් අවස්ථාව ලබා දෙන බව දක්වා තිබෙනවා.

මේ Special Event එකේදි ඔවුන්ගේ නව Android Bases Mobile OS එකට අමතරව නව Apps, Games හා Business Partnerships කිහිපයක් දැනුම්දිමට සුදානමින් සිටිනවා. ඒ වගේම දැනට වෙළදපොල තුල පවතින Smartphone සදහාත් මේ OriginOS එක ලබා දිමට සුදානම් බව දැක්වෙනවා.

Sources : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna