ඇමරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් Apple Vision Pro පැලඳීම පිලිබඳ අවවාදයක්, පැළඳ රිය පැදි අයෙක් අත්අඩංගුවට

ඇමරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් Apple Vision Pro පැලඳීම පිලිබඳ අවවාදයක්, පැළඳ රිය පැදි අයෙක් අත්අඩංගුවට

ඔයාලට මතක ඇති මීට සතියකට පෙර Apple සමාගමේ අලුත්ම Spatial Computer එක වන Vision Pro එක ඔවුන්ගේ Apple Stores වෙත නිකුත් කලා. මෙහි තිබුණු විශේෂත්වයත් එක්ක මේ වන විට තියෙන වාර්තාවලට අනුව Devices ලක්ෂ 2ක් පමණ අලෙවි කර ගැනීමට Apple සමාගමට හැකි වෙලා තියෙනවා.

මේ අතර මේවා මිලදී ගත් පුද්ගලයන් විවිධ නොමනා ක්‍රියා කීරිම් සමාජමාධ්‍ය තුල පල කිරීම මගින් ඇමරිකාවේ Vision Pro Devices භාවිතා කරන අය සඳහා ඇමරිකාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අනතුරු ඇගවීමක් කරලා තියෙනවා.

ඒ අනුව විශේෂයෙන්ම Autonomous Driving Vehicles, නැතිනම් Tesla වැනි අර්ධ ස්වයංක්‍රීය වාහන තුල Vision Pro Headsets මහා මාර්ග තුල භාවිතා නොකල යුතු බවයි. එයට හේතුව නම් මේ මගින් මාර්ග තුල අනතුරු ඇතිවීමේ අවදානම ඇති නිසාවෙනි.

Apple සමාගම ඔවුන්ගේ Vision Pro සහාය ප්‍රලේඛනය මඟින් පරිශීලකයින්ට අනතුරු අඟවන්නේ චලනය වන වාහනයක්, බයිසිකලයක්, බර යන්ත්‍ර සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක Headset එක කිසි විටෙකත් භාවිතා නොකරන ලෙසයි. Apple සමාගම පවසන්නේ එය ගෘහස්ථ පරිසරයකට පමණක් සීමා කරන ලෙසයි. 

Source: macrumors.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna