Mark Zuckerberg විසින් Meta යන නාමය සොරකම් කර ඇති බවට ග්‍රීසියේ හිට​පු මුදල් ඇමති Yanis Varoufakis විසින් චෝදනා කර​යි

Mark Zuckerberg විසින් Meta යන නාමය සොරකම් කර ඇති බවට ග්‍රීසියේ හිට​පු මුදල් ඇමති Yanis Varoufakis විසින් චෝදනා කර​යි

මීට දින කිහිපයකට කලින් Facebook සමාගමේ සම නිර්මාතෲ වන Mark Zuckerberg විසින් නිවේදනය කරන ලද්දේ Facebook සමාගමේ මවු සමාගමේ නම Meta යනුවෙන් වෙනස් කරන බවයි. එහිදී ඔවුන් විසින් ඉදිරියේදී නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නවතම තාක්ෂණික ලෝකය පිලිබඳව හෙලිදරව් කිරීම සිදු කරනු ලැබුවා.

නමුත් ඊට දින කිහිපයකට පසුව ට්විටර් සටහන​ක් තබමින් ග්‍රීසියේ හිටපු මුදල් ඇමතිවරයෙකු වන Yanis Varoufakis විසින් ප්‍රකාශ කර ඇත්තේ Meta යන නාමය Mark Zuckerberg විසින් වාමාංශික පරිභාශිත මාලාවෙන් සොරාගෙන ඇති බවයි.

ඔහු පවසන ආකාරයට වාමාංශික මත දරන්නන් කාලයක සිට Meta යන නාමය වාමාංශික දේශපාලනික අර්ථයෙන් භාවිත කර ඇති බවත් Mark Zuckerberg විසින් එම නාමය නව ශිෂ්ටාරයක් යන්න අර්ථ ගැන්වෙන ලෙස ඔවුන්ගේ සෙවාවන් සඳහා භාවිතා කර ඇති බවත්ය.

තවදුරටත් අදහස් දක්වමින් Yanis Varoufakis විසින් ප්‍රකාශ කර ඇත්තේ, Center for Post-Capitalist Civilization යන වාමාංශික චින්තන පර්ෂදය විසින් Meta නාමය භාවිතා කර ඇති බවයි. එම ප්‍රර්ෂදය තුල Noam Chomsky, Srećko Horvat Brian Eno, Ken Loach ස​හ James K. Galbraith යන අය සාමුහිකව කටයුතු කරන අතර Yanis Varoufakis එහි උපදේශක වරයෙකු ලෙස කටයුතු කරනවා.

මෙම Meta හරහා ඔවුන් විසින් වෙනස් වූ දේශපාලනික ආකෘතියක කටයුතු කරමින් සිටින අතර ඒ තුල ඔවුන් විසින් කලාව සහ අධ්‍යාපනික පරීක්ෂණ සම්බන්ධ කරගෙන කටයුතු සිදු කරමින් සිටිනවා. ධනවාදයට එරෙහිව කටයුතු කරමින් සිටින ඔවුන්ගේ මෙම ව්‍යාපාරයේ නම මේ ආකාරයට තාක්ෂණික සමාගම විසින් ලබා ගැනීමෙන් එය ධනවාදී වැඩවසම් සාමාජයක් වෙනුවෙන් යොදා ගැනීම සිදු කරමින් සිටින අතර ඒ හරහා ඔවුන්ගේ ව්‍යාපාරය අභියෝගයට අක් කර ඇති බව Yanis Varoufakis පවසා සිටිනවා.

Source: Greek Reporter

Read more

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Gemini 1.5 Pro දැන් රටවල් 180කටත් වැඩි ප්‍රමාණයකට

Google ආයතනය මීට මාස දෙකකට පමණ කලින් Gemini 1.5 Model එක Google AI Studio එක හරහා පරීක්ශා කිරීමේ පහසුකම developers ලට ලබා දී තිබුනා. 2024/04/09 එනම් ඊයේ දින රටවල් 180ට වඩා වැඩි ප්‍රමා

By Chanaka Prasanna
Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් ඔවුන්ගේ Vintage සහ Obsolete නිෂ්පාදන ලැයිස්තුව යාවත්කාලීන කරයි

Apple සමාගම විසින් පසුගිය පළමු වැනිදා ඔවුන්ගේ vintage products සහ obsolete products ලැයිස්තුව යාවත්කාලීන් කර තිබෙනවා. මොනවද මේ vintage products සහ obsolete products කියන්නේ ? Apple සමාගම වි

By Bhasura Nuwan Kularathna
Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

Incognito Mode එක හරහා එකතු කර ගබඩා කර ගත් පරිශීලක දත්ත විනාශ කිරීමට Google සමාගම එකඟ ​වේ

2020 වසරේ දී Google සමාගමට විරුද්ධව පරිශීලකයන් පිරිසක් නඩුවක් ගොනු කළ අතර ඒ තුලින් ඔවුන් එම සමාගමට චෝදනා කලේ Google හි ඇති “Incognito mode” මගින් පරිශීලකයන්ගේ දත්ත රැස් කරන

By Anjana Dineth