කිසිදු අමතර ගාස්තුවකින් තොරව මේ වසරේ සිට සිය Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට SLT-MOBITEL සමාගම කටයුතු කර​යි

කිසිදු අමතර ගාස්තුවකින් තොරව මේ වසරේ සිට සිය Fiber ජාලයේ වේගය දෙගුණ කිරිමට SLT-MOBITEL සමාගම කටයුතු කර​යි

ශ්‍රී ලංකාව තුළ Fiber ජාලයක් ඔස්සේ නිවෙස් සදහා අන්තර්ජාල පහසුකම්, රෑපවාහිනි පහසුකම් සහ දුරකථන ඇමතුම් පහසුකම් සපයන ප්‍රධාන සමාගම් දෙක ලෙස Dialog Axiata සමාගම සහ SLT-MOBITEL සමාගම දක්වන්න පුලුවන්.

ඒ අනුව Dialog Axiata සමාගම සහ SLT-MOBITEL සමාගම් දෙකම මේ වන විට 100Mbps උපරිම වේගයකට යටත්ව මේ වන විට Fiber අන්තර්ජාල පහසුකම් සපයනු ලබනවා. කෙසේ වෙතත් Dialog Axiata සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Fiber සබදතාවන් ලබා දීම සිදු කරනුයේ සීමිත ප්‍රදේශ කිහිපයක් සදහා වන අතර SLT-MOBITEL Fiber ජාලය නම් දිවයිනේ බොහෝ ප්‍රදේශයන් මේ වන විටත් ආවරණ කර තිබෙනවා.

SLT-MOBITEL සමාගම විසින් ඔවුන්ගේ Fiber පාරිභෝගිකයන් සදහා දැනුම් දී සිටින්නේ 2023 වසර ආරම්භයේ සිට 200Mbps දක්වා උපරිම වේගයකින් Fiber අන්තර්ජාල පහසුකම් ලබා දීමට ඔවුන් සුදානම් බවයි. ඒ අනුව ඔවුන් විසින් දැනට 100Mbps උපරිම වේගයකින් ලබා දෙන Fiber අන්තර්ජාල පහසුකම, 2023 වසර ආරම්භයේ සිට කිසිදු අමතර ගාස්තු අය කිරිමකින් තවත් අමතර 100Mbps ප්‍රමාණයකින් ඉහළ දමා උපරිම 200Mbps වේගයකින් යුතුව Fiber අන්තර්ජාල පහසුකම ලබා ගැනිම SLT-MOBITEL Fiber පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව තුල වේගවතම Fiber අන්තර්ජාල පහසුකම් සපයන Fiber ජාලයට හිමිකම් කීමට SLT-MOBITEL සමාගමට හැකි වෙනු ඇත. ඉතින් ලංකාවේ වේගවත්ම Fiber ජාලයේ මේ 200Mbps කියන අන්තර්ජාල වේගය ඔබට තේරෙන අයුරෙන් සරලව තේරැම් ගන්න අපි මීට කලින් පළ කරපු ' අපි හිතාගෙන ඉන්න Internet Speed එක අපිට ඇත්තටම හම්බෙනවාද ? ' කියන ලිපිය උපකාරි වෙනු ඇත.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara