WhatsApp ගිණුම සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ලෙසින් Email ලිපිනය භාවිතා කිරීමේ පහසුකමක් නුදුරේදීම

අපගේ WhatsApp Account එක සඳහා නව Verification Method එකක් ලෙසට අපගේ Email එක භාවිතා කළ හැකි පහසුකමක් Meta සමාගම විසින් සංවර්ධන කරමින් තිබෙනවා.

WhatsApp ගිණුම සඳහා ආරක්ෂක ක්‍රමවේදයක් ලෙසින් Email ලිපිනය භාවිතා කිරීමේ පහසුකමක් නුදුරේදීම

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත Security Updates වගේම අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


වර්තමානය වන විට ඕනෑම පුද්ගලයෙකුට දැනට අප සතුව පවතින දුරකතන අංකයෙහි Sim එක තිබේ නම් ඒ සඳහා ලැබෙන Verification Code එකෙන් ඕනෑම දුරකතනයකින් Log වීම මඟින් අප දැනට භාවිතා කරන Device එකෙන් Logout කිරීම සිදු කළ හැකි වනවා. Backup එක Restore කර ගැනීමට නොහැකි වූවත් මෙලෙස Verification Code එක සමඟින් පමණක් Log විය හැකි වීම තරමක් දුරට අනාරක්ෂිත කරුණක් වනවා.

එම නිසා මේ සඳහා විසඳුමක් වශයෙන් අපගේ WhatsApp Account එක සඳහා නව Verification Method එකක් ලෙසට අපගේ Email එක භාවිතා කළ හැකි පහසුකමක් Meta සමාගම විසින් සංවර්ධන කරමින් තිබෙනවා.

Image Source: wabetainfo.com

ඉහත Screenshot එකෙහි දැක්වෙන්නේ එලෙස ඔබගේ Email ලිපිනය ඇතුළත් කළ යුතු ස්ථානයයි. තවමත් මෙය සංවර්ධන මට්ටමේ පවතින නිසා මෙයට අදාළ Setting එක තිබෙන ස්ථානය, Email ලිපිනය සුවම ඇතුළත් කළ හැකි ද, නැතිනම් එම Email ලිපිනය තමන්ගේ යැයි සහතික කිරීමට Verification Code එකක් ඇතුළත් කළ යුතුද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.  එම නිසා මේ පිළිබඳ බොහෝ තොරතූරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැදී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna