USB Type-C Cable සහ Charger සඳහා නුදුරේදීම power rating logos ලබා දීමට සූදානම් වේ

USB Type-C Cable සහ Charger සඳහා නුදුරේදීම power rating logos ලබා දීමට සූදානම් වේ

පරිශීලකයන්ට USB-C  Cable වල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා USB Type-C ශ්‍රේණිගත කිරීමේ ලාංඡන ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙම ලාංඡන මඟින් විශේෂයෙන් ම සඳහන් වන්නේ එහි දත්ත වේගය සහ එය සහාය දක්වන ආරෝපණ වේගයයි.

තවද, USB4 Cable වල නව ලාංඡනය ද ඇතුළත් වන අතර එමඟින් නව දත්ත හුවමාරු වේගය 20Gbps හෝ 40Gbps පමණක් නොව එහි ආරෝපණ වේගයද පෙන්වයි.

මෙම නව සහතික කළ ලාංඡන USB Cable එක හෝ Adapter එක අඩංගු පෙට්ටියෙහි මෙන්ම සෑම cable එකකම සහ adapter එකක දක්නට ලැබෙනවා. මේ තුළින් සෑම පාරිභෝගිකයෙකුට ම මෙහි අන්තර් ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය සහ මෙම නිෂ්පාදන විශ්වාසවන්ත වූ නිෂ්පාදනයක් බවට ද තහවුරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ පිළිබඳව USB Implementers Forum (USB-IF) හි සභාපති Jeff Ravencraft විසින් වැඩිදුරටත් ප්‍රකාශ  සිටියේ මෙසේයි.

"අපගේ යාවත්කාලීන කරන ලද ලාංඡන සමඟ පාරිභෝගිකයින්ට පහසුවෙන් සහතික කළ USB-C කේබල් වල USB4 ක්‍රියාකාරිත්වය සහ USB බල සැපයුම් හැකියාවන් පහසුවෙන් හඳුනාගත හැකි අතර එමඟින් Laptop සහ Smart Phone වල සිට Displays සහ Charger දක්වා පාරිභෝගික ඉලෙක්ට්‍රෝනික උපකරණ අඛණ්ඩව ව්‍යාප්ත වන පරිසර පද්ධතියකට සහාය වේ"
A typical USB Type-C cable

කෙසේ වෙතත්,  USB-IF හි  ප්‍රමිතීන්ට අනුකූල නොවන නිෂ්පාදන සඳහා යමෙකු අනුකරණය කළ ලාංඡන භාවිතා කිරීම වැළැක්වීමට කිසිවක් කළ බවක් තවමත් වාර්තා වී නැත.

Source - GIZMOCHINA

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna