Xiaomi සමාගම සහ තවත් සමාගම 8ක් චීන යුධ සමාගම් ලෙස සලකා ඇමරිකානු රජය විසින් අසාදු ලේඛන ගත කරයි

Xiaomi සමාගම සහ තවත් සමාගම 8ක් චීන යුධ සමාගම් ලෙස සලකා ඇමරිකානු රජය විසින් අසාදු ලේඛන ගත කරයි

ඇමරිකානු රජය විසින් චීන සමාගම් වෙත සිදු කරන වෙළඳ සම්බාධක තවදුරටත් තර කරමින් චීනයේ දුරකතන නිපදවන තවත් විශාල සමාගමක් වන Xiaomi සමාගම ඇතුලුව තවත් සමාගම් කිහිපයක් වෙත සම්බාධක පැනවීමට අද දින කටයුතු කර තිබෙනවා.

Reutersහි පලවූ වාර්තාවට අනුව Xiaomi සමාගම චීන හමුදාවන්ට ඍජුව සම්බන්ධතා පවතින බැවින් මෙම තීරණය ගෙන ඇත. මීට පෙර ඇමරිකානු රජය විසින් Huawei, ZTE සහ අනෙකුත් සමාගම් වලට පැනවූ තහනම් සහ සම්බාධක වලට හාත්පසින්ම වෙනස් වන නමුත් මෙවැනි සම්බාධක ලොවට අළුත් සිදු වීම් නොවේ.

මෙම තහනම සමඟ Xiaomi සමාගමට කුමක් සිදුවේද? Android සහය නොලැබේද? ඇමරිකාව තුල Xiaomi ජංගම දුරකතන ආනයනය තහනම් කෙරේද?

පිලිතුර නැත. Xiaomi සමාගමට තවමවත් ඔවුන්ගේ නිෂ්පාදනයන් ඇමරිකාව වෙත අපනයනය කිරීම සිදු කල හැකි අතර ඇමරිකානු තාක්ෂණය භාවිතා කරමින් නිපදවන චිප්සෙට් භාවිතා කිරීමේ තහනමක්ද පැනවීමක් දැනට සිදු නොවනු ඇත.

ඇත්තටම මෙහිදී සිදුවන්නෙ Xiaomi සමාගම සහ අනෙකුත් සමාගම 8 “Communist Chinese military companies” ලෙස වර්ගීකරණය කිරීමයි. ඒ අනුව මින් ඉදිරියට ඇමරිකානු ආයෝජකයන් හට මෙම සමාගම 8 වෙත ඔවුන්ගේ මුදල් ආයෝජනය කිරීම සිදු කල නොහැකි අතර, සමාගම කොටස් මිලදී ගැනීම පවා වැලකී යනු ඇත. එමෙන්ම මේ වන විටත් ඇමරිකානු ආයෝකයන විසින් Xiaomi සමාගම වෙත ආයෝජනය කර ඇති නම්, එම ආයෝජන එම සමාගම වෙතින් ඉවත් කර ගැනීමට 2021 නොවැම්බර් මස 11 වන දින දක්වා කාලය හිමිවී ඇත. මෙය අනෙකුත් සමාගම් 8ටද බල පැවැත්වෙන බව Reutersහි පලවූ වාතාවේ සඳහන් වෙනවා.

මේ ආකාරයට සමාගම අසාදු ලේඛන ගත කිරීම සහ ආයෝජන ඉවත් කරගැනීම සඳහා වන නීතී මීට මාස කීපයකට පෙර වත්මන් ඇමරිකානු ජනපති වන ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සම්පාදනය කල නීතීන්ට අනුව සිදු කර ඇත.

මේ වන විට ඇමරිකානු ජනාධිපතිධූරය සඳහා තේරී පත් වී ඇති Joe Bidenගේ ධූර කාලය 2021 ජනවාරි 20 වන දින සිට ආරම්භ වීමට නියමිත අතර ඔහු විසින් මෙම තහනම් නියෝග සියල්ලම ඉවත් කරගනු ඇතැයි ලෝක ආර්ථික විශේෂ්ඥයන් විසින් මත පල කරනවා.

තම සමාගම මේ ආකාරයට අසාදු ලේඛන ගත කිරීම පිලිබඳව Xiaomi සමාගම තවමත් නිල නිවේදනයක් සිදු කර නොමැත.

Sources: Reuters, Gizmochina, Techcrunch

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara