ඇමරිකාව විසින් Huawei ඇතුලු තවත් චීන තාක්ෂණික සමාගම් කිහිපයකට ආයෝජනය කිරීම් තහනම් කරයි

ඇමරිකාව විසින් Huawei ඇතුලු තවත් චීන තාක්ෂණික සමාගම් කිහිපයකට ආයෝජනය කිරීම් තහනම් කරයි

ඇමරිකාව හා චීනය අතර පැවති Trade War එසේත් නොමැති නම් වෙළඳ යුද්ධය තවත් උග්‍ර තත්ත්වයට පත් කරමින් මීට ටික වේලාවකට පෙර Biden පරිපාලනය හරහා චීන Military හෝ නිරීක්ෂණ අංශ (Surveillance Sectors) සමග සම්බන්ධතා ඇති බවට ප්‍රකාශ කරමින් චීන සමාගම් සමග සිදුකරන ආයෝජන කටයුතු තහනම් කිරීමට නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනූව මෙම තහනමට ලක් වූ සමාගම් ලැයිස්තුවට චීන සමාගම් 59ක් ඇතුළත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් අදාළ සමාගම් සම්පූර්ණයෙන්ම අස්ථාවර තත්ත්වයකට පත් කරන අරමුණින් යුතුව එම ලැයිස්තුව තවදුරටත් Update කරනු ඇත.

මෙම නව ආයෝජන තහනම් ලැයිස්තුවේ ප්‍රධාන චීන තාක්ෂණික සමාගම් අතරට සුපුරුදු ලෙස Huawei සමාගම ඇතුළත්ව ඇත. එමෙන්ම චීනයේ අර්ධ සන්නායක නිෂ්පාදනය කරන සමාගමක් වන SMIC ද, වීඩියෝ නිරීක්ෂණ සමාගමක් වන Hikvision ද ඇතුළත් වේ.

එමෙන්ම ඇමරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ඉදිරි මාස කිහිපයේදී මෙම ලැයිස්තුවට තවත් සමාගම් එක්වනු ඇති බවයි.

නිකුත් කරන ලද නියෝගයේ දැක්වෙන්නේ මෙය අගෝස්තු මස දෙවැනි දින සිට ක්‍රියාත්මක වන බවය. එ අනූව එක්සත් ජනපද ආයෝජකයින්ට මෙම තහනම් කරන ලද සමාගම් වල ආයෝජනය කරන ලද මුදල් ඉවත් කරගැනීමට දින 365ක කාලයක් ලබා දී ඇත.

මීට පෙර Xiaomi සමාගමද තවත් සමාගම් බොහොමයක් සමගින් මෙම තත්ත්වයට මුහුණ දුන් අතර කෙසේවෙතත් ඔවුන් එක්සත් ජනපද රජයට එරෙහිව නඩුවක් ගොනු කර අදාළ නඩුවෙන් ජය ගැනීම හරහා එම තීන්දුව බල රහිත කරවීය.

මේ වන විටද Huawei සමාගමෙහි Smartphone වලට අත්වී ඇති ඉරණම සමග මෙම සිදුවීම එයට කෙසේ බලපානු අත්දැයි කිසිවෙකුට නිශ්චිත ලෙස ප්‍රකාශ කළ නොහැක. කෙසේ වෙතත් මෙම නියෝගය Huawei සමාගමට තවත් අවාසනාවන්ත කාලයක් උදා කිරීමට බොහෝ ඉඩකඩ ඇත.

මේ අතර විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ SMIC වැනි චීන අර්ධ සන්නායක සමාගම්වලට චීන රජයේ සහාය ලැබේ නම් මෙම නියෝගය ඔවුන්ට එතරම් බලනොපානු ඇති බවයි.

මේ අනූව අපට පැහැදිලි වන්නේ නිසැක වශයෙන්ම එක්සත් ජනපදයට අභියෝගයක්ව ඇත්තේ චීනය නොව.. Huawei සමාගම බවයි. එමෙන්ම එක්සත් ජනපදය අභිබවා යාමට වෙනත් කිසිදු රටකට ඉඩ නොදීම මේ හරහා කැපී පෙනේ.

Source: Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara