වඩාත් සමීප අත්දැකීමක් සඳහා Zoom Immersive View හඳුන්වාදෙයි

වඩාත් සමීප අත්දැකීමක් සඳහා Zoom Immersive View හඳුන්වාදෙයි

Zoom ඔස්සේ ගන්නා video calls ආදිය office meeting එකක් මෙන් පෙනෙන ලෙසට නව video background feature එකක් දැන් Zoom සමාගම විසින් නිකුත් කරමින් සිටිනවා.

මෙය Free හා Pro ගිණුම් ද්විත්වයටම ලබා දෙන බව ඔවුන් ප්‍රකාශ කළත් මේ feature එක නිවැරදිව භාවිත කිරීමට නම් සහභාගිවන්නන් ගණන 25 නොයික්මවිය යුතු වෙනවා.

Image Source: Zoom

ඔබ Zoom භාවිතා කරනවා නම් එහි Gallery View එක දැක ඇති. මෙම Immersive View එක ගොඩ නැගෙන්නේත් එම Gallery View එක හා දැනටම තිබෙන Virtual Backgrounds පදනම් කරගෙනයි. එනම් මෙම option එක select කළ විට සහභාගින්වන්නන් සියල්ලම තනි virtual background එකක gallery view හි මෙන් ස්ථානගත කරනවා. සහභාගිවන්නන් සිටින පිළිවෙල host ට අවශ්‍ය ලෙසට වෙනස් කිරීමේ හැකියාවත් තිබෙනවා.

ඒ වගේම Zoom විසින් ලබාදී තිබෙන backgrounds වලට අමතරව අපටම backgrounds upload කර මේ සඳහා භාවිතා කිරීමේ හැකියාවත් තිබුණත් ඒ සඳහා file type, aspect ratio සහ resolution ආදිය නිවැරදි විය යුතුයි.

කුඩා ළමුන්ගේ පන්ති සඳහාත් මෙය හොඳ අත්දැකීමක් වේවි. Image Source: Zoom

එසේම සහභාගිවන්නන් ගණන 25 ඉක්මවූ විට, එම අතිරේක ගණන සාමාන්‍ය ලෙසම video එකට ඉහලින් පේළියක් ලෙස පෙන්වනු ලබනවා. මෙම feature එක භාවිතා කිරීමට නම් ඔබේ Zoom app එක නවතම සංස්කරණයට update කර තිබීමත් අත්‍යවශ්‍ය වන කරුණක්.

Source: The Verge  

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara