නිකුත් වීමට නියමිත Snapdragon 8 Gen 3 Chipset එක ඉහළ කාර්ය සාධනයක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Snapdragon 8 Gen 3 Chipset එක එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පමණ නිකුත් කිරීමට නියමිතව පවතිනවා. එම Chipset එක පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් ලොව පුරා සිටින Rumorsලා විසින් අනාවරණය කොට තිබෙනවා.

නිකුත් වීමට නියමිත Snapdragon 8 Gen 3 Chipset එක ඉහළ කාර්ය සාධනයක් ලබා දෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි

Snapdragon 8 Gen 3 Chipset එක එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පමණ නිකුත් කිරීමට නියමිත අතර, Snapdragon 8 Gen 4 Chipset එක 2024 වසර අග භාගයේදී පමණ නිකුත් කිරීමට නියමිතව පවතිනවා. එම Chipset එක පිළිබඳව මේ වන විට තොරතුරු රැසක් ලොව පුරා සිටින Rumorsලා විසින් අනාවරණය කොට තිබෙනවා.

එම තොරතුරුවලට අනුව, Gen 3 Chipset එක සඳහා Phoenix cores 2ක් සහ Phoenix M Cores 6ක් ඇතුළත් විය හැකි වනවා. (Phoenix යනු, Nuvia විසින් නිර්මාණය කරන ලද ARM-Based CPU වල අලුත් Version එකකි)

Snapdragon 8 Gen 4 නිෂ්පාදනය කරනු ලබන්නේ TSMC හි N3E ක්‍රියාවලිය මත බව වාර්තා වනවා. එයින් අදහස් කරන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් වැඩිපුර Chipset ප්‍රමාණයක් නිවැරදිව නිපදවනු ඇති බවයි. ඉදිරියට එන Snapdragon 8 Gen 3 Chipset එක තවමත් 4nm ක්‍රියාවලිය මත පදනම් වී ඇති නමුත් එය අඩු කාර්යක්ෂමතාවයකින් ඉහළ කාර්ය සාධනයක් ලබා දෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරයි.

මේ Gen 3 Chipset එක ප්‍රථමයෙන්ම භාවිත වන්නේ කුමන Smartphone එකද යන්න පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වී නොමැති අතර Samsung, Oppo, සහ Xiaomi යන සමාගම් මේ පිළිබඳව විමසිල්ලෙන් සිටින බවත් දක්වන්න පුළුවන්.

Source: gizmochina.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara