ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයෙන් මිය යායුතුයැයි ප්‍රකාශ කරමින් Tweet පල කෙරූ අයගේ ගිණුම් Twitter විසින් අත්හිටුවයි

ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයෙන් මිය යායුතුයැයි ප්‍රකාශ කරමින් Tweet පල කෙරූ අයගේ ගිණුම් Twitter විසින් අත්හිටුවයි

ඊයේ දිනයේදි අපේ රටේ මාධ්‍යවලින් වගේම ලෝක පුවත් වෙබ්අඩවි හා නාලිකා ඔස්සේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට CovID-19 වෛරසය වැළදි ඇති බවට වාර්තා පල කරනු ලැබුවා. එමෙන්ම මේ බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල Twitter ගිණුමේ ද දක්වලා තිබෙනවා.

එම Twitter සටහනට පිළිතුරැ ලෙස සමහර පුද්ගලයින් ඔහුගේ මියයාම අපේක්ෂා කරන බවටත් ප්‍රකාශ කර තිබුණා. මේ සමගම Twitter සමාගම පවසා ඇත්තේ එය ඔවුන්ගේ නිතිරිතිවලට ද පටහැනි බවයි. එමෙන්ම එවැනි ප්‍රකාශවලට විරැද්දව ඔවුන් ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙන බවත් දක්වා තිබෙනවා.

මේ අනුව ට්‍රම්ප් කොරෝනා වෛරසය නිසා මිය යන බවට Twitter තුල ප්‍රකාශ කිරිම කල නොහැකි වෙනවා. එසේ සිදු කරන අයගේ ගිණුම් අත්හිටුවීමට කටයුතු කරන බවත් ඔවුන් සදහන් කර තිබෙනවා.

Twitterහි Abusive Behavior policy එකට අනුවද මෙවැනි ප්‍රකාශ ගැන පැහැදිලිව දක්වා තිබෙනවා.

Wishing or hoping serious harm on a person or group of people

We do not tolerate content that wishes, hopes or expresses a desire for death, serious bodily harm or fatal disease against an individual or group of people. This includes, but is not limited to:

Hoping that someone dies as a result of a serious disease e.g., “I hope you get cancer and die.”

Wishing for someone to fall victim to a serious accident e.g., “I wish that you would get run over by a car next time you run your mouth.”

Saying that a group of individuals deserves serious physical injury e.g., “If this group of protesters don’t shut up, they deserve to be shot.”

ඇමරිකානු ජනාධිපතිවරයා මේ වන විට වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Sources : The Verge

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna