2021 වර්ෂයේදී 100W fast charging සඳහා ජංගම දුරකතන සහය දක්වන ලකුණු

2021 වර්ෂයේදී 100W fast charging සඳහා ජංගම දුරකතන සහය දක්වන ලකුණු

මේ වසර කියන්නේ Smartphone Industry එ⁣කේ විශාල පෙරලියක් සිදුවුන, සිදුවෙමින් පවතින වසරක් විදිහට කියන්න පුළුවන්. CovID-19 ගෝලිය වසංගත තත්වය නිසා යම් යම් නිෂ්පාදනවල සුළුු සුළුු ප්‍රමාදවිම් සිදු වුවත් මේ වන විට Smartphone Industry එක සාමාන්‍ය තත්වය පත්වෙමින් යනවා. ඔබට මතක ඇති සුපිරි Camera Setup සහිත Smartphones, Super Fast Charging සහිත Smartphones, අලුත් Battery Technology සහිත Smartphone, Under Display Camera Smartphones වගේ දේවල් ගැන අපි විස්තර ගෙන ආවා.

අපි අද කතා කරන්න යන්නේ මිලග වසරේ Smartphone Charging Technology එක මොන වගේ වෙයිද කියල. විශේෂයෙන්ම Fast Charging Technology එක ගැන.

මේ අවුරුද්ද තුල නිකුත් වු Smartphoneවල අපිට 120W දක්වා Wired Fast Charging Feature එක බලා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම Qualcomm සමාගම විසින් ඔවුන්ගේ Quick Charge 5.0 මගින් Devices රාශියක් සදහා ඉදිරියේදි 100W+ Wired Fast Charging Feature එක ලබා දෙන්න හැකියාව තිබෙන බවත් නිවේදනය කරා.

Wired Charging Technology එකට අමතරව Wireless Charging Technology එකත් මේ වසරේ 50W Wireless Charging Feature එක ලබා දිය හැකි මට්ටමට පැමිණියා. ඒ අනුව Mi 10 Ultra කියන්නේ 50W Wireless Fast Charging Feature එකත් එක්ක ආපු Device එකක්. මේ තුලින් අපිට හිතන්න පුළුවන් මිලග වසරේදි 100W Wireless Fast Charging Technology එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි කියල.

මේ වන විට දුරකථන නිෂ්පාදන සමාගම් කිහිපයක පර්යේෂකයන් විසින් මිලග වසරේදි 100W Wireless Fast Charger එකක් එළිදැක්වීමට කටයුතු කරමින් ඉන්න බවට චීන leaker කෙනෙක් වාර්තා කරනවා. කෙසේ වෙතත් තවමත් මේ පිළිබඳව හරි තොරතුරක් නොමැති වුවත් මේ වන විට වෙළදපොල තුල 50W Wireless Fast Charger පැවතිම තුලින් ද මිලග වසරේදි අපිට 100W Wireless Fast Charger එකක් ගැන බලාපොරොත්තු තියා ගන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. ඒ වගේම මේ වන විට Xiaomi සමාගම විසින් 55W Wireless Fast Charger එකක් ද නිපදවා තියෙනවා.

Oppo සමාගම විසින් ද ඔවුන්ගේ AirVOOC Wireless Charging Technology එකට අනුව 65W Wireless Fast Charger එකක් ගැන නිවේදනය කරන්න කටයුතු කලත් තවමත් මෙය නිෂ්පාදනය ආරම්භ වි නැ. මේ 65W AirVOOC Wireless Charging Technology එක මගින් 4000mAh Battery එකක් විනාඩි 30කින් ආරෝපණය කල හැකි බව ඔවුන් දක්වා තිබෙනවා.

Sources : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara