Unlimited internet පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමි වේ?

Unlimited internet පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමි වේ?

ඔබට මතක ඇති පසුගිය මාර්තු මාසයේ දි අපි ඔබව දැනුම්වත් කරනු ලැබුවා මේ වසර අප්‍රේල් පමණ වෙන විට ශ්‍රී ලංකාවට Unlimited Internet ලබා දිය හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහන් කල බවට.

ඒ අනුව ඔවුන් විසින් ජංගම දුරකථන සේවා ආයතන ඉදිරිපත් කරන ලද Unlimited Internet Packages පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් එම Packages සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දිමට කටයුතු කරමින් සිටන බවටත් ඔවුන්ගේ නිල Facebook පිටුව හරහා අදහස් දක්වා තිබුණා.

මේ වෙන විට ලැබෙන අලුත්ම තොරතුරුවලට අනුව මේ Unlimited Internet Packages හදුන්වා දිම අලුත් අවුරුද්දට පෙර සිදු කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව බලාපොරොත්තුවෙන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ Unlimited Internet Packages යටතේ Day Time හෝ Night Time ලෙස වෙනසක් නොමැතිව අන්තර්ජාල පහසුකම් ලබා ගැනිමට හැකි වෙන අතර ශ්‍රී ලංකාව තුල ජංගම දුරකථන සේවා ආයතන ඉදිරිපත් කරන ලද Unlimited Internet Packages පිළිබඳව අධ්‍යනය කටයුතු ද මේ වෙන විට අවසන්ව ඇති බව අරැණ පුවත්පත වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබෙනවා.

මිට අමතරව ඔහු විසින් දක්වා ඇත්තේ මේ Unlimited Internet Packages නිසා දැනට සාමාන්‍ය පරිදි පවතින Internet Packages වල ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොවන බවත් දැනට පවතින Internet Packages වල ගාස්තුවලට සාපේක්ෂව Unlimited Internet Packages සදහා ද ගාස්තු අය කිරිමට කටයුතු කරන බවයි

මෙලෙස ඉක්මනින්ම Unlimited Internet පහසුකම ලබා දිමට පාරිභෝගිකයන් විසින් දිර්ඝ කාලයක් තිස්සේ කරන ලද ඉල්ලිම් හේතු වු බවත් ඔහු දක්වා තිබෙනවා.

Source : Aruna

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara