බ්‍රිතාන්‍යයේ 5G networks වලින් Huawei සමාගම ඉවතට

බ්‍රිතාන්‍යයේ 5G networks වලින් Huawei සමාගම ඉවතට

කාලයක ඉඳන් ම ඇමෙරිකාව සහ චීනය අතර අර්බුධ හේතුවෙන් Huawei සමාගම සම්බාධක රැසකට මුහුණ දුන්නා. ඉතින් pපල එන අලුත් ම වාර්තා අලට අනුව බ්‍රිතාන්‍යයත් ඔවුන්ගේ 5G networks සඳහා Huawei technology එක යොදාගැනීම නැවැත්වීමට කටයුතු යොදමින් පවතිනවා. තව දුරටත් එම වාර්තා වලින් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති වන Boris Johnson මහතා මේ සම්බන්ධයෙන් major policy change එකක් කරන්න යනවා. ඒ බ්‍රිතාන්‍යයේ Government Communications Headquarters (GCHQ) එකෙන් මාතෘකාවට බඳුන් වූ චීන සමාගම සම්බන්ධයෙන් රජයට මුහුණ දීමට සිදුවන risks සලකා බලා ඒ පිලිබඳව වාර්තාවක් සැපයීමෙන් අනතුරුවයි.

එම වාර්තාව ඇසුරින් ඔවුන් පෙන්වා දෙනු ලබන්නේ Huawei සමාගමට ඇමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක වලින් පෙනී යන්නේ එම සමාගම විනිවිද බවින් තොර තාක්ෂණයක් ඔවුන් විසින් භාවිතා කරනු ලබන බවයි.

කලකට ඉහතදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් Huawei තාක්ෂණය බ්‍රිතාන්‍යයේ 5G networks වල යොදාගැනීමට අවසර ලබාදීම තුලින් ලන්ඩනය සහ වොශින්ටන් නගරය අතර අර්බුධ ඇතිකිරීමට සමත් උනා.

GCHQ හි National Cyber Security division එකෙනුත් පෙන්වා දෙනු ලබන්නේ Huawei සමාගමට පනවනු ලැබූ ඇමෙරිකානු සම්බාධක මගින් එම සමාගමට විශාල ලෙස බලපෑමක් එල්ල කොට ඇති බවයි.

ඒ වගේම පලවන වාර්තා සඳහන් කරන්නේ ඉදිරි මාස හය ඇතුලත බ්‍රිතාන්‍යයේ 5G networks වල Huawei equipment install කිරීම නැවැත්වීම සඳහා බ්‍රිතාන්‍ය නිලධාරින් කටයුතු කරමින් පවතින බවයි.

ඉතින් මේ විදිහට බ්‍රිතාන්‍යයේ 5G network සඳහා Huawei සමාගමේ මැදිහත් වීම එරට දේශපාලන වශයෙන් පවා අර්බුධ ඇතිකොට තිබෙන බවයි. විශේෂයෙන්ම එරට Conservative පක්ෂය මේ ගැන අවධානයෙන් පසුවනවා.

මේ සම්බන්ධයෙන් තවමත් බ්‍රිතාන්‍යයේ National Cyber Security Centre එක මගින් අධ්‍යනයන් කරමින් පවතිනවා.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara