5G ජාල සඳහා Huawei උපකරණ භාවිතා කිරීම 2021 සැප්තැම්බරයේ සිට තහනම් කිරීමට එක්සත් රාජධනිය විසින් කටයුතු කරයි

5G ජාල සඳහා Huawei උපකරණ භාවිතා කිරීම 2021 සැප්තැම්බරයේ සිට තහනම් කිරීමට එක්සත් රාජධනිය විසින් කටයුතු කරයි

එක්සත් රාජධානියේ දුරකතන සේවා සැපයුම් ආයතනයන්ට Huawei සමාගම විසින් නිපදවන 5G තාක්ෂණය සඳහා වන උපකරණ භාවිතා කිරීම 2021 වර්ෂයේ සැප්තැම්බර් මස සිට තහනම් කර තිබෙනවා. මේ පිලිබඳව එක්සත් රාජධානී රජය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ Huawei ආයතනයේ නිෂ්පාදන තම 5G යටිතල පහසුකම් සඳහා භාවිතා කිරීම මෙහි අරමුණ බවයි.

එක්සත් රාජධානිය විසින් මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙර සිටම නියෝග කර තිබුනේ 2027 වර්ෂය වන විට එරට සියළුම දුරකතන සේවා සපයන ආයතන තම ජාල වලින් Huawei සමාගමේ උපාංග මුළුමනින්ම ඉවත් කර ගත යුතු බවයි. ඇමරිකාව අනුගමනය කරන පිලිවෙත අනුගමනය කරමින් එක්සත් රාජධානියද Huawei සමාගමට මේ ආකරයට සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය අප්‍රසාදය පල කර ඇත. නමුත් එක්සත් රාජධානිය විසින් පවසා ඇත්තේ තම රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කල බවයි.

මේ පිළිබඳව එකසත් රාජධානියේ Digital Minister ධූරය හොබවන Oliver Dowden විසින් පහත පරිදි ප්‍රකාශයක් නිකුත් කර ඇත.

“I am setting out a clear path for the complete removal of high risk vendors from our 5G networks. This will be done through new and unprecedented powers to identify and ban telecoms equipment which poses a threat to our national security.”

මෙම ප්‍රකාශය ඔහු විසින් සිදු කර ඇත්තේ චීනයේ නිෂ්පාදිත දුරකතන සේවා සැපයීමට අවශ්‍ය කරන උපකරණ සහ යටිතල පහසුකම් ඉවත් කිරීමට අදාලව නීති සම්පාදනය කිරීමට අදාලව පැවැත්වීමට නියමිතව තිබුණු පාර්ලිමේන්තු විවාදයට පෙර කරන ලද සාකච්ඡාවකදීය.

මේ ආකාරයට චීන සමාගම තම 5G ජාලයෙන් ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟම එක්සත් රාජධානී රජය විසින් පවුම් මිලියන 250ක ආයෝජනයක් ඒ සඳහා ලබා දී ඇති අතර, නව යටිතල උපකරණ පහසුකම් සැපයීම සඳහා ජපානයේ NEC සමාගම තෝරාගෙන තිබෙන බව වාර්තා වනවා.

Sources: Market Watch, C|Net

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara