Linux ආරක්ෂා කරන්න Windows 10 සඳහා Microsoft සමාඟමෙන් ලබාදෙන Antivirus එක Linux වලටත්

Linux ආරක්ෂා කරන්න Windows 10 සඳහා Microsoft සමාඟමෙන් ලබාදෙන Antivirus එක Linux වලටත්

Microsoft සමාඟම මෑතක පටන් Linux සඳහා විශේෂ සැලකිලි දක්වන බව Android වැඩකාරයෝ සමඟ සිටින පාඨක ඔබ දන්නා කරුණකි.

නවතම පුවත වන්නේ Microsoft සමාගම විසින් Microsoft Defender Advanced Threat Protection (ATP) වැඩසටහන Linux සඳහාද ලබා දීමයි.

Microsoft සමාඟම පවසන ආකාරයට desktop සහ server platforms පහසුවෙන් කළමනාකරණය කරගැනීමට මෙය ප්‍රයෝජනවත් වන බවයි. එයට හේතුව වන්නේ මෙමඟින් එම සියල්ල ඒකාබද්ධ කළ හැකි වීමයි.

Linux සඳහා වූ Microsoft Defender ATP සංස්කරණය පහත දැක්වෙන Linux Distribution සඳහා සහය දක්වයි.

  • RHEL 7.2+
  • CentOS Linux 7.2+
  • Ubuntu 16 LTS, or higher LTS
  • SLES 12+
  • Debian 9+
  • Oracle Linux 7.2

Microsoft සමාඟම පවසන පරිදි, Puppet, Ansible හෝ ඕනෑම Linux configuration management tool  එකක් භාවිතා කර මෙය configure කරගත හැකි බවයි. Linux සඳහා වූ Defender ATP වැඩසටහන භාවිතා කිරීමට Microsoft Defender ATP for Servers license එක අවශ්‍ය වන අතර, මෙය භාවිතා කිරීමට අවශ්‍ය උපදෙස් මෙතැනින් ලබාගත හැක.

Microsoft සමාඟම පවසන ආකාරය මෙය Microsoft සහ Linux එක්ව යන ගමනේ ආරම්භය පමණක් වන අතර ඉදිරියේදී මෙවැනි බොහෝ දේ හඳුන්වාදෙන බවයි ඔවුන් පවසන්නේ.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara