Ubuntu නවතම සංස්කරණය, Ubuntu 20.04 දැන් download කරන්න පුළුවන්.

Ubuntu නවතම සංස්කරණය, Ubuntu 20.04 දැන් download කරන්න පුළුවන්.

සය මසක develop කිරීමකින් පසු නවතම Ubuntu සංස්කරණය වන Ubuntu 20.04 දැන් නොමිලේ බාගත කිරීම සඳහා අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. Focal Fossa යන කේත නාමයෙන් හඳුන්වන මෙම නවතම Ubuntu සංස්කරණය Canonical සමාඟම වෙතින් අවුරුදු 5ක යාවත්කාලීන සහාය ද සමඟ නිකුත් කර තිබෙනවා.

මෙම සංස්කරණය සමඟ පහත දැක්වෙන වැඩිදියුණු කිරීම් ඇතුළත්ව ඇත.

  • Linux 5.4
  • වැඩිදියුණු කළ ZFS ස්ථාපන සහාය
  • Boot වන කාලය තුලදී OEM logo එක දර්ශනය වීම.
  • GNOME Shell 3.36
  • ක්‍රියාකාරීත්වයේ වැඩිදියුණු කිරීම්
  • නව Lock screen එක
  • Do not disturb සැකසුම
  • වැඩි දියුණු කළ Apps සඳහා වූ ගොණු නිර්මාණය
  • යාවත්කාලීන කළ සැකසුම් පැනල
  • Status Menu එකෙහි Suspend තෝරාගැනීම පෙනීමට සැලැස්වීම.
  • Dark Theme හඳුන්වාදීම
  • නව Snap මූලික කළ Software Store එක

ආදී තවත් බොහෝ නව සැකසුම් මේ සමඟ ඇතුළත් වේ.

පහත YouTube වීඩියෝවෙන් ඔබට මෙම නව Ubuntu 20.04 සංස්කරණය ගැන වැඩි විස්තර නැරඹිය හැක.

පහතින් සපයා ඇති link එක මඟින් ඔබට Ubuntu 20.04 සංස්කරණය නොමිලේ බාගත කරගත හැකිය.

Download Ubuntu 20.04 LTS (64-bit .iso)

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna