ලොව වේගවත්ම 5G තාක්ෂණය ඇති රට බවට සවුදි අරාබිය පත්වෙයි

ලොව වේගවත්ම 5G තාක්ෂණය ඇති රට බවට සවුදි අරාබිය පත්වෙයි

Wireless Coverage Mapping ආයතනයක් වන OpenSignal සමාගම විසින් රටවල් ගණනාවක 4G හා 5G තාක්ෂණයේ වේගය පිළිබඳව සමික්ෂණයක් කර තිබෙනවා. මේ සමික්ෂණයේ ප්‍රතිඵල පසුගිය දිනක ඔවුන් මුදා හැර තිබුණු අතර ලොව වේගවත්ම 5G තාක්ෂණය සවුදි අරාබිය සතු වන බව ඔවුන් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් තවමත් 5G තාක්ෂණය යනු බොහෝ රටවලට නැවුම් අත්දැකිමක් බව කියන්න ඕනේ.

OpenSignal ආයතනයේ සමික්ෂණයට අනුව පෙනි යන්නේ ⁣ලොව ප්‍රමුඛ පෙලේ රටවල් සියල්ලකම වගේ 4G හා සැසදිමේදි කැපි පෙනන මට්ටමක වේගයක් 5G තාක්ෂණයට හිමි වි ඇති බවයි.

මෙයට අනුව සවුදි අරාබි රාජය වැඩිම වේගයකින් යුතු 5G තාක්ෂණයට හිමිකම් කියනු ලබනවා. ඔවුන්ගේ Download Speed එක 414.2 Mbps පමණ වනවා. ඒ කියන්නේ 4G තාක්ෂණය මෙන් 14 ගුණයක් පමණ වේගවත් බවයි. කෙසේ වෙතත් මේ වන තුරැම දකුණු කොරියාව තමයි වේගවත්ම Broadband Network එකට හිමිකම් කියනු ලැබුවේ. එහි 5G තාක්ෂණයේ Download Speed එක විදිහට සටහන් වුයේ 312.7 Mbps අගයක්. ඔවුන්ගේ 4G ජාලයට වඩා 5G ජාලය පස් ගුණයකින් පමණ වේගවත්.

Sources : Forbes

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna