ශ්‍රී ලංකාවේ IPL fansලා වර්ග 9ක් – ඔයා අයිති මොන වර්ගෙටද?

ශ්‍රී ලංකාවේ IPL fansලා වර්ග 9ක් – ඔයා අයිති මොන වර්ගෙටද?

IPL කියන්නෙ ලංකාවෙ ක්‍රිකට් ලෝලීන් වැඩි අවධානයකින් නරඹන ක්‍රිකට් තරඟාවලියක්. එයට ලංකාවේ වගේම ලෝක අවධානයත් නිතැතින්ම හිමි වෙනවා. ඒ දේ සිද්ධ වෙන්නෙ එයට සහභාගි වන දේශීය ක්‍රීඩකයින් මෙන්ම සියළු රටවල්වලින් පැමිණෙන විදෙස් ක්‍රීඩකයින් සහ එහි උත්කර්ෂවත් බව නිසායි.

මේ දවස් වල පැවැත්වෙන අයිපීඑල් තරඟාවලියත් එක්ක අපි මේ කියන්න යන්නෙ ලංකාවෙ ඉන්න අයිපීඑල් ෆෑන්ස් ප්‍රජාව ඒ ඒ ටීම්වලට බෙදිලා ඉන්න විදිය ගැනයි. හරිම ජුගුප්සාජනකයි තමයි. ඒත් ඇත්ත ඒක තමයි.

1. මං හැමදා මේ ටීම් එකට

ඔන්න ඉන්නව එක ටීම් එහෙකට කැමති කට්ටිය. එයාලා ඒ ටීම් එක තෝරගන්නෙ තත්ත්වයන් ගොඩක් ගැන සලකලා බලලා. ස්කොඩ් එකේ බෝලර් බැට්ස්මන් බැලන්ස් එක? විදෙස් ක්‍රීඩකයොන්ව හරි විදියට තෝරාගෙනද? වැඩි ගාණක් වියදං කරලද? කුකුල් කේන්ති කාරයො නිසා ෆෙයා ප්ලේ නැතිවෙයිද? අයිතිකාරය සාධාරණ බිස්නස් කාරයෙක්ද? ඒ ටීම් එක නියෝජනය කරන ඉන්දියාවෙ පැත්ත හොඳයිද? වගේ කාරණා සියල්ල සළකලා බලලා තමයි එහෙම පොරක් ටීම් එකක් තෝරගන්නෙ.

2. රටේ අය සෙල්ලම් කරන ඕන එකකට මං ලව්

ඔන්න අනිත් ජාතිය. ඒ අය කැමති ටීම් දෙක තුනක් තියෙනව. ඒ අනිවාර්යෙන්ම අපේ රටේ ගොයියල සෙල්ලං කරන ටීම්. එතනදිත් තමුන්ගෙ රට කියන හැඟීමෙන්ම ඉඳගෙන මැච් බලන එක ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ අය ටීම් එකක් විදියට ඒ ටීම් පරාද වුනත් අපේ අය හොඳට පෆෝම් කරානං ඇති කියන මානසිකත්වයේ ඉන්න, නැෂනල් ටීම් එකේ මැච් එකක් බලන ගාණට අයිපීඑල් රස විඳින අයයි.

3. අයි හේට් යූ ඈස් අයි ලවු යූ

මේකෙන් ක්‍රීඩකයොන්ට සිද්ද වෙන හානිය? නැෂනල් ටීම්වල තරඟ මිස් වෙන හැටි? තමුන්ගෙ රටට වඩා සල්ලිවලට කරන කැපකිරීම්? ඉන්දියාව එතනදීත් පකිස්ථානය මගහැර තිබීම? වගේ දේවල් ගැන හිත රිදුනු ප්‍රේක්ෂක පිරිසකුත් ලංකාවෙ ඉන්නව. හැබැයි ඒ අයත් බැන බැන හරි අයිපීඑල් බලනව. එයාලා හැම තරඟයක් අතරෙම එයාලගෙ මේ වෙනුවෙන් ඇති නොකමැත්ත ප්‍රකාශ කළත් හැමදාමත් ඒ අය අයිපීඑල් බලනවා.

4. පවර් හිටර් ලවර්ස්

ඔය ටයිප් එකේ ෆෑන්ස්ලත් නිරන්තරයෙන්ම ක්‍රිකට්වල ජීව ගුණය කැලේ ගියත් තමුන්ගෙ ආතල් එක වෙනුවෙන් තරඟ නරඹන අයයි. මොකද ඒ අය බලන්නෙ මැකලම්, ඩිවිලියර්ස්, මැක්ස්වෙල්, ක්‍රිස් ලින් ගහන මැච් විතරයි. ඒ තනිකරම හයේවා බලන ආශාවෙන් සහ හැමදාම දකින්න නැති මේ ක්‍රීඩකයො ඔක්කොම එක පාර දකින්න ලැබෙන සතුටෙන්. මේ විදිහෙ ක්‍රිකට් ලෝලියො තමුන්ගෙ ක්‍රීඩකයා අවුට් උනාම මැච් බැලිල්ලත් නවත්තලා දානව.

5. අඩු හතුරෝ යුනයිටඩ්

මේ විදිය සෙට් එකකුත් මැච් බලනවා. ඒ තමයි තමුන්ගේ හතුරු ක්‍රීඩකයො අඩුම ප්‍රමාණයක් ඉන්න ඉන්දියන් ටීම් එක තෝරගන්න එක. ගොඩක් ඉන්දියන් කාරයො හැම ටීම් එකේම ඉන්න නිසා අඩුම හතුරු ප්‍රමාණය බලලා මැච් බලන්න ටීම් එකක් තෝරගන්න එක තමයි මේ ෆෑන් බේස් එක සිද්ධ කරන්නෙ. මුලු ඉන්දියන් ටීම් එකත් එක්කම හතුරු වුනාට පස්සෙ අඩුම හතුරු ටීම් එකක් තෝරගන්න එකත් අමාරුයිනෙ.

6. ද ක්‍රිකට් ලවර්

ඔන්න නියම ක්‍රිකට් ලෝලියො. ඒ අය හැම අයිපීඑල් මැච් එකක්ම බලනවා. ඒවායේ රිවීවු කියවනවා. ස්ටැට්ස් බල බල පොඩි කම්පැරිසන් එකකුත් යනවා. ඒ අයගේ සතුට තියෙන්නෙ රටවල් ගාණක ටුවර්ස් එක පාර සිද්ධ වුනා වගේම ඔක්කොම රටවල හොඳම ක්‍රිකටින් ස්පිරිට් එක එක තැනකට එකතු වුනු නිසායි. ඒ අය ප්ලේස්මන්ට්, ටයිමින්, පවර් හිටින් වගේ ඔක්කොම දේවල් බලලා සතුටු වෙන්නේ එනිසායි.

7. ඇහැට බයිට්

මේ අයිපීඑල් ෆෑන්ස්ලා අයිපීඑල් බලන්නෙ ඒ ටයිම් එකට ඩේලි ගහන හීනි අඩිය උගුරෙන් පහලට දාගන්නකං ඇස් සනසගන්න විතරයි. ඒ ඇස් සැනසීම අඩියත් එක්කම ඉවර වෙන්නෙ එනිසායි. මැච් එක බලන්න පටන්ගන්නකොට විකට් කීයක් ගිහින් තිබ්බද? අඩිය ගහල ඉවර වෙන වෙලාවෙ මාලිංග සුපිරි ඩෙත් ඕවරයක් දදා හිටියද කියන එක ඒ අයට අදාළ නැහැ. අඩිය ඉවර වෙනකං මැච් එක බැලුවා ඕෆ් කළා.

8. කැපුවත් දිල්ලි ඩෝ

ඔන්න ඔය සීන් එක තියෙන අය ලංකාවෙ පක්ෂ දේශපාලනේට වගේම අයි.පී.එල් ටීම්වලටත් ඉන්නව. ඉස්සර ඩිල්ෂාන් සෙල්ලං කරපු නිසා දිගටම රෝයල් චැලෙන්ජර්ස් සපෝට් කරල දැන් ඒ අය නැති උනත් ඒ අයට ට්‍රිබියුට් එකක් හැටියට ඒ ටීම් එකට සපෝට් කරන අය. ඒ අතරෙ සමහරු කියනවනෙ අදටත් මුම්බායි ටීම් එකට සපෝට් කරන්නෙ මාලිංග නිසා නෙමේ සනත් නිසා කියල. ඒක හේතු පැහැදිලි කරන්න යන්නෙ නැති අවංක තෝරාගැනීමක්.

බෝනස් – සවුන්ඩ් නැතුව බලන බුවාලා

මේ ජාතියෙ ෆෑන්ස්ලත් අතරින් පතර ඉන්න විත්තිය අපිට ආරංචි වෙනවා. ඒ අය අයිපීඑල් එකට කොච්චර ආස වුනත් ශාස්ත්‍රිගෙ ඩැනී මොරිසන්ගෙ කුණු කටහඬ එපා වෙච්ච අය. ඒ නිසා ඒ අය අයිපීඑල් බලන්නෙ සවුන්ඩ් නැතුව.ඒකත් ත්‍රිල් එකක් කියල හිතේවි. විස්තර විචාර නැති මදි පාඩුවට ක්‍රිකින්ෆෝ එකේ කමෙන්ට්‍රි කියවන්න පුළුවන්නෙ.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara