Twitter Verification වැඩසටහන නැවතත් ඇරඹේ. අයදුම් කරන ආකාරය දැනගන්න!

Twitter Verification වැඩසටහන නැවතත් ඇරඹේ. අයදුම් කරන ආකාරය දැනගන්න!

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී හෙළිවූ පරිදි Twitter සමාගම විසින් නැවතත් ඔවුන්ගේ Public Account Verification වැඩසටහන නැවත අරඹා තිබේ. මෙමඟින් ඔබගේ Twitter ගිණුම Verified ගිණුමක් බවට පත් කරගත හැකිය. ඉන්පසු Twitter ගිණුමේ ඔබේ නමට පිටුපසින් යෙදූ හරි සලකුණක් ඔබේ ගිණුම Verify කළ එකක් බව දක්වමින් Twitter හි දර්ශණය වේ. එය Blue Badge නමින් හඳුන්වනු ලබයි.

මෙම වැඩසටහන සඳහා අයැදුම් කිරීමට නම්, ඔබගේ ගිණුම මෙම පහත දැක්වෙන වර්ග වලින් එකකට හෝ අදාළ විය යුතු ය.

  • රාජ්‍ය ආයතන
  • සමාගම්
  • වෙළඳ ලකුණු සහ ආයතන
  • ප්‍රවෘත්ති ආයතන සහ මාධ්‍යවේදීන්
  • විනෝදාස්වාද ආයතන/ පුද්ගලයන් (Entertainment)
  • ක්‍රීඩා හා සම්බන්ධ ආයතන සහ පුද්ගලයන්
  • සමාජ ක්‍රියාකාරීන්
  • සංවිධායක වරුන්
  • වෙනත් සමාජයේ කතා බහට ලක්වන පුද්ගලයන්

එමෙන්ම, මෙම කොටස් වලින් ඔබ අයත් වන කොටසට අදාළව ඔබේ යෝග්‍යතාව Twitter සමාඟම වෙත පෙන්විය යුතු ය.

සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ ආයතන වල Twitter ප්‍රොෆයිල් වල විශ්වාසනීයත්වය තහවුරු කිරීමේ සලකුණක් ලෙස මෙම Blue Badge එක භාවිතා වන බවත්, Twitter පරිශීලකයන් හට වඩා අරක්ෂාකාරීව සහ විශ්වසනීයව Twitter ජාලය තුළ අදහස් හුවමාරු කරගැනීමට මෙය ඉවහල් වන බව Twitter සමාගමේ Blog අඩවියේ දක්වා ඇත.

Twitter Verification සඳහා අයැදුම් කරන ආකාරය.

ඉදිරි සති කීපය තුළදී Twitter පරිශීලකයන් හට මෙම verification ක්‍රියාවලිය සඳහා ඉල්ලුම් කිරීමේ අයදුම්පත Account Settings වෙත පිවිසීමෙන් ලබාගත හැකි වනු ඇත. එය දැනට ගිණුමේ දැකගත නොහැකි නම්, ඉදිරි සති කීපය තුළදී එය ඔබට දිස් වනු ඇත. මෙම ක්‍රියාවලිය පියවර කීපයකින් සිදු කිරීමට Twitter සමාඟම තීරණය කර තිබීම එයට හේතුවයි.

එම අයදුම්පත පහත ආකාරයෙන් ඔබට දැකබලාගත හැකි වනු ඇත.

අයැදුම්පත සම්පූර්ණ කර යැවූ පසු, Email පණිවුඩයක් මඟින් ඔබහට Twitter සමාඟමේ ප්‍රතිචාරය ලැබෙනු ඇත. මෙම ක්‍රියාවලිය සඳහා සති කීපයක් වුවද ගතවිය හැක. ඔබේ අයැදුම්පත ප්‍රතික්ෂේප වුවහොත්, දින 30කට පසුව ඔබට නැවතත් අයැදුම්පත් යොමු කළ හැක. මෙම Blue Badge එක සහිත ගිණුමක හිමිකාරීත්වය දැරීමට බොහෝ පිරිසක් අශාවෙන් පසුවන බැවින් බොහෝ පිරිසක් මේ සඳහා අයැදුම් කරනු ඇත.

එමෙන්ම, මෙම වසර අග වන විට, විද්‍යාඥයන්, අධ්‍යාපන අංශය හා සම්බන්ධ පිරිස් සහ ආගමික නායකයන් සඳහාද මෙම Verification ක්‍රියාවලිය සඳහා ඉල්ලුම් කිරීමට ඉඩ ලබා දෙන බව Twitter සමාඟම පවසයි. එමෙන්ම, Twitter සමාඟමේ බ්ලොග් අඩවියේ දක්වා ඇති ආකාරයට, Twitter ගිණුම් වර්ගීකරණ ක්‍රියාවලියක්ද ඉදිරියේදී හදුන්වාදීමට නියමිත ය.

Source - beebom.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna