Tweet Edit පහසුකම වෙනුවට Undo Send පහසුකම ලබා දීමට Twitter සමාගම විසින් සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Tweet Edit පහසුකම වෙනුවට Undo Send පහසුකම ලබා දීමට Twitter සමාගම විසින් සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

මේ වන විට Twitter සදහා අලුත් Features රැසක් හදුන්වා දෙන්න සුදානමින් සිටින අතර අපි මිට පෙර ලිපියක් මගින් ඒ පිළිබඳ තොරතුරු ගෙන ආවා. එලෙස හදුන්වා දිමට බලාපොරොත්තුවෙන් සිටින Features විදිහට Audio spaces, Super Follows හා Safety Mode ආදිය දක්වන්න පුළුවන්.

Twitter පරිශිලකයන් විසින් බොහෝ කලක සිට ඉල්ලා සිටින Feature එකක් වෙන්නේ Tweet Edit කිරිමේ හැකියාව ලබා දෙන ලෙසයි. නමුත් මෙලෙස Tweet Edit කිරිමේ හැකියාව ලබා නොදෙන බව ඔවුන් විසින් අවස්ථාව කිහිපයකදිම ප්‍රකාශයට පත් කර තිබෙනවා. නමුත් මේ වන විට ඒ හා සමාන නමුත් වෙනත් අකාරයකින් කටයුතු කරන Feature එකක් ලබා දිමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මෙය 'Undo Send' Feature නමින් නම් කර තිබෙනවා.

Reputable App Reverse Engineer කෙනෙක් වෙන Jane Manchun Wong විසින් ඔහුගේ Tweet එකක් මගින් මේ Undo Send Feature එක Developing මට්ටම් තිබෙන බවට දක්වා තිබෙනවා. මෙය නව Timer Based Undo Button එකක් වෙනවා.

ඇගේ Tweet එකට අනුව නව Undo Button එක Twitter හි Tweet එකක් Share කල පසු දිස් වෙනු ඇත. එනම් Undo Button එක සහිත Notification Banner එක ඔබ Tweet එකක් පල කල විගස දිස්වනු ඇත. මෙහි ඇති Timer Based Bar එක මගින් තත්පර කිහිපයක් පෙන්විම සිදු කරනවා. ඒ කාලය තුල අවශ්‍ය නම් Tweet එක Undo කල හැකි වෙනවා.

කෙසේ වෙතත් Twitter පරිශිලකයන් බලාපොරොත්තු වෙන Edit Feature එකට වඩා මෙය හාත්පසින්ම වෙනස් වුවත් මේ මගින් තත්පර කිහිපයක් තුල ඔබට අවශ්‍ය නම් පල කරන ලද Tweet එක Undo කර එය නැවත අවශ්‍ය පරිදි වෙනස් කර පල කල හැකි වෙනවා. මෙලෙස Tweet එක Undo කිරිමට බලා දෙන කාලය පිළිබඳ තවමත් තොරතුරු වාර්තා වි නැ. කෙසේ වෙතත් ඉදිරියේදි අනෙක් Features සමග මේ Undo Button Feature එකත් ලබා දෙනු ඇතැයි බොහෝ දුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna