Voice DM නමින් Voice messages යැවිය හැකි නව පහසුකමක් Twitter විසින් බ්‍රසීලයේ අත්හදා බලයි

Voice DM නමින් Voice messages යැවිය හැකි නව පහසුකමක් Twitter විසින් බ්‍රසීලයේ අත්හදා බලයි

පසුගිය ජූනි මාසයේදී Twitter විසින් Audio Tweets නම් නව පහසුකමක් අත්හදා බැලීම සඳහා iOS භාවිතා වන ජංගම දුරකථන සඳහා නිකුත් කරන ලදී. පසුගිය බදාදා (සැප්තැම්බර් 23) එවැනිම නව පහසුකමක් ලෙස Voice DM නම් නව පහසුකමක් අත්හදා බැලීම සඳහා බ්‍රසීල කලාපය වෙත Twitter විසින් නිකුත් කර ඇත.

Twitterහි Direct messages සඳහා වන අංශයේ product manager ධුරය හොබවන Alex Ackerman-Greenberg විසින් The Vergeහි Chris Welch වෙත තප්පර 20ක Voice DM එකක් යවමින් මේ පිළිබඳව අදහ්ස් දක්වා ඇත.

We know people want more options for how they express themselves in conversations on Twitter — both publicly and privately

මේ ආකාරයට මේ වන විට අත්හදා බැලීම් කටයුතු සිදු කරමින් පවතින Voice DM වලට Play/Pause කිරීම සඳහා ලබා දී ඇත්තේ එක් button එකක් පමණක් වන අතර මේ හරහා යම්කිසි නුසුදුසු ආකාරයේ හෝ Twitter community guidelines වලට අනුකූල නොවන ආකාරයේ Voice DM යොමු කලහොත් ඒවා report කිරීමේ හැකියාවද ලබා දී ඇත.

Image via: The Verge

Twitterහි ප්‍රධාන තරඟකරුවන් වන Facebook සහ Instagram විසින් මේ වන විටත් Voice DM පහසුකම ලබා දී තිබුණත් මේ වන තුරුත් Twitter විසින් එය ලබා දී ඇත්තේ බ්‍රසීල කලාපයට පමණක් වන අතර එයද අත්හදා බැලීමේ මට්ටමේ පවතින්නකි. මේ වනතුරුත් සියළුම Twitter පරිශීලකයන් වෙත මෙය ලබා දෙන දිනයක් පිළිබඳ සඳහනක් කර නොමැත.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara