අක්ෂර 280 සීමාව බිඳ දමමින් දීර්ඝ ලිපි පලකිරීමට හැකි විශේෂාංගය​ක් Twitter වෙති​න්

අක්ෂර 280 සීමාව බිඳ දමමින් දීර්ඝ ලිපි පලකිරීමට හැකි විශේෂාංගය​ක් Twitter වෙති​න්

Twitter භාවිතා කරන විශාල පරිශීලකයන් ප්‍රමාණයකට තිබෙන ගැටළුවක් තමයි අකුරු 280කට සීමා වී තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සිදු තිබීම. Twitterහි ගිණුම් විවෘත කරන නව පරිශීලකය​න් පැමිණෙනවාටත් වඩා ඉක්මනින් Twitter හැර යන්​නේ මේ නිසාවෙනි. මේ වන විට අකුරු 280ක සීමාවකට යටත්ව ක්‍රියාත්මක වුනත් මීට වසර 5කට පමණ පෙර එක අකුරු 140කට සීමා වී තිබූ කාලයක්ද පැවතුනා.

නමුත් පසුගිය පෙබරවාරි මාසයේදී අකුරු 280න් එපිටට ගොස් Twitterහි දිගු tweet පළ කිරීමට ඉඩ කඩ ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වුනා. ඒ පිළිබඳව නැවතත් කරලියට පැමිණෙන්නේ Twitter විසින් ඒ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. කෙසේ වෙතත් මෙය තවමත් සියළුම පරිශීලකයන් වෙත ලබා දී නැති අතර පරිශීලකයන් කිහිපය දෙනෙකු සමඟින් පරීක්ෂා කරමින් පවතිනවා. මෙම විශේෂාංගය twitter Write නමින් එලිදැක්වීමට ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ වන විට කුඩා පිරිසක් විසින් අත්විදින මේ නව විශේෂාංගය Twitter Desktop අනුවාදයේ menu එක තුල දැකිය හැකියි. ඒ හරහා උපරිමය වචන 2,500ක් දක්වා දිවෙන ලිපි පල කල හැකි අතර, ලිපි වල මාතෘකාව සඳහා භාවිතා කිරීමට හැකියාව ඇත්තේ උපරිමට අක්ෂර 100ක් පමණි. එමෙන්ම බ්ලොග් අඩවි වල මෙන්ම මෙම ලිපි වල images අඩංගු කල හැකි අතර feature image එකක් ලබා දීමේ හැකියාවක්ද පවතිනවා.

මෙලෙසින් Note එක පල කිරීමෙන් පසුව එය Twitter timeline එකේ link එකක් share කරන ආකාරයට සුපුරුදු පරිදි share කිරීම සිදු කල යුතු වන අතර ඒවාට පිළිතුරු ලබා දීම සිදු කිරීමට අවශ්‍ය නම් අදාල Tweet එක වෙත ඒවා එක් කල යුතු වනවා. මේ පිලිබඳව වැඩි දුර විස්තර Twitter විසින් ලබා දී ඇති FAQs පිටුවෙන් ඔබට ලබා ගත හැකිය.

මේ නව විශේෂාංගය හරහා ඔබට අක්ෂර 280ට සීමේ වෙමින් මේ වන විටත් පවත්වාගෙන යන threads ක්‍රමයෙන් බැහැරව ඉතාමත් පහසුවෙන් දිගු ලිපි අදහස් Twitter එක තුල පල කිරීමේ හැකියාව ලැබෙන ඇත. එමෙන්ම ඕනෑම අවස්ථාවක තමන් විසින් පල කරන ලද notes edit කිරීමේ හැකියාවද ලබා දීමට Twitter විසින් කටයුතු කර තිබෙනවා. නමුත් මෙය සියළුම පරිශීලකයන්ට ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව නම් මේ වන තුරුත් Twitter විසින් නිල වශයෙන් සඳහනක් කර නෑ.

Sources: Twitter XDA-Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna